-1-

Màu nền
Font chữ
Font size
Chiều cao dòng

වහල දාපු ජනේල කවුළුවෙන් මං අහස දිහා බලාගන හිටියා.. දවස පුරා ම චුරු චුරු වැස්ස. ඒ නිසා,
හඳත් නෑ.
තරුත් නෑ.
කළු පාට මූසල වලාකුළු ගොඩක් විතරයි.
ඒත් එක ම එක පුංචි තරුවක්..
තාම පුංචියට හරි නිවි නිවී පත්තුවෙනවා..
ඒ තරුවට මං ගරු කරනවා.

එකපාරට ම ආව තද හුළඟක් නිසා ලොකු කළු වලාකුළක් ඇවිත් අර අන්තිම තරුවත් වහගත්තා. ගෞරවය පරයගෙන මට තරුව ගැන දැනුණෙ බයක්. මං බලාගන හිටියෙ තවත් හුළඟකින් ම හරි ඒ මූසල වලාකුළ මෑත් වෙනකං ඒත්...

එතකොට තවත් කළු කරල වැස්ස තද කළා..

වැස්ස තමුසෙ වහින්න ම ඕන ද? වහිනවයි කියල තරුව වහන්න ම ඕන ද? වේළිලා ඉරිතලපු කකුළෙන් හම කෑල්ලක් ඉරල දාන ගමන් මං වැස්සට බැන්නා. දැකල ම අප්පිරියක් නෑ මට. ඒක දුලබ ලෙඩක්. යටි පතුලෙ හම වේළිලා පතුරු ගැලවිල යනව. ඒ එක්ක ම කාලෙන් කාලෙට පැලෙනව. ආාහ් මං නං තනිකර ලෙඩ වාට්ටුවක්!
ඒ තරුවට කියලත් එයාට ඕනි විදියට ලෝකෙට එළිය දෙන්න අයිතියක් නැද්--

--"ආාව්!"

"ඈයිෂ් නෙදකිම් මේ වසවර්ති මදුරුවා! මගෙ කාව්‍යමය අදහස කෑවා!" මං පිස්සෙක් වගේ මගෙ අත කසන්න ගත්තා.

"මැරිය තෝ, මැරි ය!" කවියත් අතෑරල මං පුටුවෙනුත් නැගිට්ටෙ ඒ වසවර්ති මදුරුවගෙන් පලිගැනීමේ කුරිරු සිතුවිල්ලෙන්.

'චටාස්!' දෝතින් ම ගහපු තඩි අත්පුඩියක් එක්ක ඒ මදුරුවා තමන්ගෙ අවසන් හුස්ම වාතලයට මුදා හැරියා..

නෑ මට උගෙ හුස්ම දැනුණෙ නෑ. ඒත් ඔක්සිජන් අණුවක් හරි පිටවෙන්න ඇතිනෙ නේ?
මන්ද මට විද්දියාව වහ කදුරු.

"යෙස්!" මං මගෙ ජයග්‍රහණයේ සතුටින් කෑගහල ශබ්ද දූෂණය කළා. සොරි වේවා පරිසරය..!
මං හිතල නෙවේ කළේ.. හද සන්තානයෙන් බුර බුරා නැගුණු ප්‍රහර්ෂය ඒ..,
මං හිතන්නෙ..

"අනේ සිරාවට මැරුණ ද? මං මරන්න ම හිතුවෙ නෑ ඉතිම්.. අනේ ලබන ආත්මෙවත් හොඳ තැනක උපදින්න.." ප්‍රහර්ෂය ද මොකද් ද පරයගෙන ආපු කලකිරීම නිසා මං එහෙමත් කීවා. පස්සෙ මං පරණ විද්‍යාව පොතකින් ම කොළයක් ඉරාගෙන ගම් බෝතලේ අතට ගත්තෙ මදුරුවගෙ අවසන් කටයුතු කරන්න මිනී පෙට්ටියක් හදන්න.

ඒක ලස්සනට හැදුණා.

මං මදුරු මිනී පෙට්ටිය අරගන ගිහිං කුස්සිය පිටිපස්සෙ දොර ළඟ වළදැම්මා.

"ජීවිතේ අනිත්‍යයි... ආාහ්..."

කාමරේට ඇවිත් ආයමත් ඉඳගන්නකොට යි දැක්කෙ මදුරුවා තලල පොත උඩින් තියපු ගමන ලේ පැල්ලම පොතේ හිටලා කියල.
මෙනෙහි කරපු අනිත්‍යයත් අමතක වෙලා මට අර මැරිච්ච මදුරුවගෙ හොල්මන ද කොහෙ ද ආවේස වුණායින් ආයිත් ශබ්ද දූෂණය කරන්න පටන් ගත්තා.

"ආාාාහ්හ්ර්ර්ර්ර්ර්ර්ෂ්ෂ්ෂ්ෂ්ස්ස්ස්ස්හ්හ්! ජින්ජ්ජා! මොට්ට මදුරුවා #ක් යූ! ආායිෂ්! ශිට්!"

එතකොට ම තව මදුරු කපල් එකක් මගෙ ඇස් ඉස්සරහින් ම මොන මොනාදෝ කර කර ගියේ මගෙ ඉවසීමේ සීමාව බල්ලගෙත් පාදෙට දාල.

"කිව්ව පළියට කරන්න ම ඕනෙ ද බම්ලෝ!"

"බම්ලා නෙවේනෙ මදුරුවා.. ආ නෑ, මදුරුවෝ." මගෙ ඇඳ මිට්ටම උඩ ඉඳන් කකුල් දෙකත් වන වනා උක් දණ්ඩක් උරණ ක්ලියෝ දිහා මං බැලුවෙ මදුරුවටත් එහා කේන්තියෙන්. ඕකි ඔහොම්ම ම යි.

මං ඒකිට පේන්නත් එක්ක ම අර මදුරු යුවළගෙ මධුසමය එකපාර ම මරණින් කෙළවර කරල ආයිත් පව්කාරයෙක් වු⁣ණා.

"#ක්!"

"ස්ස්ස්ස්...,ඔයා දන්නව ද ඔයා දැන් හරියට curse කරනවා... ඒක නරකයී.." ඇන්ඩි පද්දන්න ගත්ත ඉතිම්.. ඒයිශ් ඕකි හින්ද තමා මට එක හිතකින් හරියකට කුපාඩි වැඩක්කත් කරගන්න නැත්තෙ. මොකක්හරි වැරැද්දක් පද්දන්න පටන් ගන්නව

"දන්නව. #ක් මයි ලයිෆ්...#ක් මයි එව්රිතින්ග්! #ක් දිස් #කින්ග් වර්ල්ඩ්! ආාාාායිශ්හ්!"

"අනේ ඉතිම් ඔච්චර ටිපර් වෙන්නෙපා. ටිපර් වුණා කියල උඹට පාරෙ මැද්දෙ යන්නත් බෑ; ඔය කවිය ලියන්නත් බෑ." ඒ ගමන රිකී පටන් ගත්ත. ඔය ඕකි ඉන්නව නේ ද.., මා ව පාච්චල් කරනව තරං අමාමහ සන්තෝසයක් නෑ ඒකිට.. වල් නකුටි!

ඒත් පොඩ්ඩක් හිටාම්! මොකද්දේ කීවෙ ඒකි?

"කවිය...................හම්මට කවිය! අනේඒඒඒඒයිහ්!" මං පුටුවට කකුලෙන් ගැහුවෙ ආපු දරුණු කලකිරීමට. හෙට කොරියන් සාහිත්‍යයට ලියන් එන්න කියල හෝම්වර්ක් දුන්න කවිය තා ම මං ලියල ඉවර නෑනෙ. කොහෙ ද ඉතින් මේ කොහෙ ද යන මදුරුවෙක් මැද්දෙන් පැන්නනේ..-

"ආව්! අප්පො~!" (රිදෙනවා~!) ඒත් ඒකෙන් රිදුණෙ මට ම යි.

"හොඳ වැඩේ උඹට. පුටුවට ගහල හරියනව ද...?" රිකීඊඊඊඊහ්!!!!

.
.
.
.
.
.

පිටිපස්සෙ ම පේළියෙ කොනේ මං ඉන්න තැන ඩෙස්ක් එකට ඔළුවත් ගහගන මං සුව නින්දක ලේඩිබග්ගෙන් ටිකී ව ඉල්ලගන්න ගනුදෙනුවක් කතා කර කර ඉන්නැද්දි ෆ්ලොපී මට කතා කළා.
ඒත් මං ගණන් ගත්තෙ නෑ. වෙනුවට මං එහෙම්ම ම යන්තං ඔළුව උස්සල එහා පැත්තෙ ජනේලෙන් එළිය බැලුවා.

වහිනවා.
ඒත් ගොරවන්නෙ, අකුණ ගහන්නෙ නෑ තා ම.

මං වාෂ්ප බැඳිච්ච ජනේලෙ උඩ ඇඟිල්ලකින් අඳින්න ගත්තා.

ඒක දැකල ෆ්ලොපී හිනාවෙනව මං ඇස් කොනකින් දැක්කා.
ටීචර්ත් පරක්කු එකේ මං ගිහින් ජනේලෙ අතින් පිහදාන එළිය බලා උන්නා.

මූසල යි.
ඒත් හැංගිච්ච අමුතු ලස්සනකුත් නැතුවා ම නෙමේ.
බහුතරය දකින්නෙ මූසලකම විතරයි. එච්චරයි.

අපෙ වයසෙ වගේ ගෑනු ළමෙක් පහළ කුඩයක් යටින් ඇවිදන් යන දිහා මං බලාන උන්නා. තමන් ව තෙමෙන් නැති වෙන්න එයා පුළුවාන් තරං කුඩේ යටට උණ්ඩි වෙලා හිටපු හන්දා මට මූණක් හරියට පෙනුණේ නෑ. බාගවිට ඒ මං අඳුරන කෙනෙකුත් වෙන්න ඇති.

එකපාරට ම කොහේ දෝ ඉඳන් තෙමි තෙමී ම දුවන් ආපු දෙතුන් දෙනෙක්ගෙ කොලු රැළක් අර කෙල්ල ව හප්පගෙන ඉස්සරහට දිව්වෙ හිනාවෙවී. එයාල ඒ මොහොත උපරිමේට ම විඳිනව වගෙ යි පෙනුණේ. කෙල්ලගෙ කුඩේ එයාලෙ අතින් ගිලිහිලා උඩු අතට බිමට වැටුණා.

"යාාාාහ්!" කෙල්ල කෑගහපු පාර තට්ටු දෙකක් උඩින් හිටිය මටත් ඇහුණා. ඒ ඇහිල ළඟ ඉඳපු දෙතුන් දෙනෙකුත් ජනේලෙ ගාවට එනව මං දැක්ක. ෆ්ලොපීත් ඇවිත්.
අර කොල්ලො දෙතුන් දෙනා දුවන ගමන් ම ආපස්ස බලල "අප්පාහ්..මියන්, මියාන්!" කිය කිය ආයෙත් දුවන්න ගත්තෙ හිනාවෙවීම යි.
ඒත් කෙල්ල කුඩෙත් ගස ගස තාමත් කියවනවා. ඒ ටික නං හරියට ඇහුණෙ නෑ.
ඒත් අනිවාරෙන් ම අරුන්ට බනිනව ඇති.

ඒ සිද්ධියෙන් පස්සෙ මං එහෙම්ම ම ඒ ඉස්සරහ තියන අපේ පතරංග පිට්ටනියට ඇහැ යැව්වා. අර රණ්ඩුව බලන්න ජනේලෙ ළඟට ආපු කීපදෙනා ඤාව් ඤාව් ගගා ආය ම ඉඳගන්න ගියේ හරි රණ්ඩුවක් බලාගන්න බැරි වුණ නිසා වෙන්නැති.
එක එකාගෙ රසවින්දනය හරි වෙනස් නේ ද..?

මං බලාන හිටියෙ පිට්ටනිය කොනක ඉඳන් වල් වැදීගන එන හැටි.

"මේ මේන්ටෙනන්ස් බලන කට්ටිය කට්ටි පනිනව ද? ටැප් එකත් කැඩිලා දැන් සතියකට වැඩියි. ඊයෙ මාත් නාගත්තා."
මං ගැස්සිලා හැරුණෙ මගෙ හිත කියෙව්වෙ කවු ද බලන්න.

නෑ ඒ ෆ්ලොපී නෙවෙයි. අපේ ක්ලාස් ප්‍රසිඩන්ට්.
ඔව් ඉතිං එයා එහෙම දෙයක් කියන එක පුදුම වෙන්න දෙයක් නෙවේ.

එතනත් කම්මැලි එකේ මං ආය නිදාගන්න හැරෙන්න හදද්දිම කොහෙවත් නැති පත අකුණක් අපේ පිට්ටනිය මැදට කඩාපාත් වුණේ ඉස්කෝලෙ ම කරන්ට් එකත් යද්දි. කට්ටිය ම ගැස්සුණා. හැමෝ ම ජනේලෙ ගාවට රැස්වුණා.
පිට්ටනිය නං තිබ්බ විදියට ම තියනව. එතකොට ම තව අකුණක් අහසෙ ම කෙටුව පාර බය වෙච්ච කට්ටිය ගිහිං ඉඳගත්තා. මං ගිහිං නිදාගත්තා.

Bạn đang đọc truyện trên: Truyen2U.Pro