.දහසය:- සතුට✧ (Final)

Màu nền
Font chữ
Font size
Chiều cao dòng

A/N

ජිංගි චිකා ජිංගි චිකා..
මේක අදින් ඉවරාායී!!!

සතුටුයි නෙහ්?
මම ඩම්නෝ මටත් ෆට්ට ලෙස ෂටුටූයීඊඊ!!!💃🏻💃🏻💃🏻

★★★

Jin Young's POV

"ආ ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ස්.., මොකෝ වෙම්නෙ මේ..?" ඒ ගෑනු කටහඬ ආපු දිහාවට අපි හැරුණෙ ඉබේට ම..

මේ කවු ද..?
දැකල හුරුයි වගේ ඒත්..

ෂුවර් නන් නෑ..

ඒත් මගෙ සැකේ Seo Ha තහවුරු කළා ම පුදුම හිතුණා.

"ඔ~ Mi Jin-ah..!" එයාගෙ ඇස් දෙක සතුටින් දිලිසෙනව.. එයා පවුලෙ අයවත් අඳුරගෙන ද ඉඳල තියෙන්නෙ..?
මං කාටවත් නොපෙනෙන්න පොඩි සුසුමක් හෙළුවා. කොහොමත් මා ව පේන තරම් මානසිකත්වෙක ඒ කවුරුත් හිටියෙත් නෑ..

"ඔන්නීඊඊඊඊඊ!!!!" Mi Jin නංගි පැනපු ගමන් Seo Ha ව බදාගත්තෙ කෑ ගහගෙන.. Seo Haත් ආපිට බදාගෙන පැද්දෙන්න ගත්තා. ඔව් ඉතින්.., කාලෙකින්නෙ දැක්කෙ.. මා ව අඳුරගන්න පුළුවන් වෙයි ද..? එයාගෙ ඔප්පා නං අඳුරගත්තා.

දෙන්න අතෑරියට පස්සෙත් නංගි ම යි කියවන්න ගත්තෙ.

"ඔන්නි ඔන්නි ඔන්නි.. ගො-ඪක් තියෙනෝ ඔයත් එක්ක කියවම්න.."

"අනෙ පලෑම්න. මේ පෙරේදත් කෝල් කරල පැයකට එහා කියෙව්වෙ. තව මොනා ද..?" Seo Ha නංගිත් එක්ක එච්චර කිට්ටු ද..? එයා මෙහෙම හැසිරෙන එක හරි වෙනස් මට. ඒත් මේ මෝඩ මම ඒ වෙනසටත් ආස වෙලා... ශිට්! ඇයි ඔයා මෙහෙම කරන්නෙ..?
මට එහෙම කියන්නවත් බෑනෙ දැන්.

"ඉද්දකින් ඉතරක් ඉඳල ඉඳල ඇවිත් දැක්ක මුල් ම පාර කිව්ව එකක්. අපරාදෙ දැක්කෙ නෑ වගේ යම්න තිබ්බෙ.." නංගි මූණත් නාළු කරන් කියවනව. එයත් ගොඩක් ලොකු වෙලා; වෙනස් වෙලා.. දැන් ලස්සනයි. එයාවත් මට මතක අවුරුදු 13ක පොඩි කෙල්ලක් විදියට විතරයි. එයාගෙ දෙමාපියො වෙන්වුණාට පස්සෙ අපි නෑදෑයො එක්ක තිබ්බ බැඳීමත් අඩු වුණා.. දැන් නං හොඳයි ඉතිම්.. ඒත් අන්තිමට එයාව දැක්කෙ අවුරුදු 9කට 10කට කලින්.

"ඉතිම් ඇයි ආවෙ.? එහෙම්ම ම යන්න තිබුණනෙ.." Seo Haත් අතාරින පාටක් නෑ. මං විහිළුවක් ඇද්දොත් ඇරෙන්න මාත් එක්ක ඔහොම කට ගහගන ඇවිත්වත් නෑ එයා. ඇත්තට ම.., අවුරුදු 2ක් තිස්සෙ වෙච්ච දේක හරයක් නෑ..

"ආ! හරි! යන්නං! මෙහෙම අපහාස අහගන මටත් තව ඉම්නෝනි නැඃ! හහ්!" නංගි ඇස් දෙකත් ලොකු කර කර ගස්සගෙන ම යන්න හැරුණ.

"යා යා යා.. ඉන්න ඉන්න ඉන්නහ්හ්........ අයිගෝ..... විහිළුවක්වත් තේරෙන්නැති හැටියක්..ෂ්ෂ්ෂ්ෂ්ෂ්........" නංගි යන්න හදද්දි ම Seo Ha අතින් ඇදල නවත්තගත්ත.. නංගිත් හිනාවක් තද කරන් ම ඕනකමින් බුකෝගන ආයෙත් මෙහෙට හැරුණ. එතකොට ද කොහෙ ද මා ව ආය මතක් උණේ. එයා මං දිහා එකපාට්ට බලපු හැටියට මට හිනාවක් ගියා. එයා හිනාවක් ලාවට විරිත්තල Seo Ha දිහාට හැරුණ.

එහ්? අඳුනගත්තෙ නැද් ද? මට තනිය ම හිනා.

"ඒහ්! බෝයිප්‍රෙන්තො ද..?" එයා රහසින් වගේ Seo Haගෙන් ඇහුවත් ඒක මට ඇහුණ. Jimin නංගිට මුකුත් කියල නැද් ද එතකොට..? හ්ම්ම්හ්හ්.. එයාට ඒක තව ටිකක් රහසින් කියන්නයි තිබ්බෙ. මටත් නොදැනි ම මගෙ හිනාව මැකිල ගියා.

Seo Haත් ඒකෙන් ටිකක් අවුල් ගියා ද කොහෙ ද.. එයා ඒකට හිනාවුණත් ඒක හරි ම awkward. එයා කලබල වුණා. මං ගැන අනුකම්පා කරනවවත් ද.. එයා කලබලෙන් මං දිහයි නංගි දිහයි බලද්දි මට නිකමට හිතුණ. එහෙමනං ඕන නෑ. මොකට ද අනුකම්පාවක්.?

"පිස්සු ද ගෑනියෙහ්හ්.. හහ්! අපි බෙස්ට්ප්‍රෙන්තොල.. නැද්ද බන්..?" එයා මගෙ දිහාට හැරිල ඇහුව. මට ආය ම හිනා ගියා තමයි. ඒත් ටිකක් හිරවුණේ නෑ කිව්වොත් බොරු ඉතින්.. ඒත් කොහොමහරි ඒ හිනාව තියාගන ඔළුව වැනුවා. Seo Ha හිනාවුණා. ලස්සනයි.

Seo Ha's POV

Mi Jin එකපාට්ට එහ්ම ඇහුවා ම මා ව මාර විදියට අවුල් ගියා.. මෙච්චර වෙලා හොඳට ආතල්ලෙකේ උන්නත් මට ආය Jin Young දිහා හරියකට කෙළින් බලාගන්න බැරිවුණා. අර වරදකාරී හැඟීම ඔළුවට ගලාගන ගලාගන එද්දි කොහොමහරි වචන ටික ගැටගහගත්ත..

"පිස්සු ද ගෑනියෙහ්හ්.. හහ්! අපි බෙස්ට්ප්‍රෙන්තොල.. නැද්ද බන්..?" මං Jin Youngගෙ දිහා බැලුව කොහොමහරි.. එයා මොහොතකට ස්ටක් උණා.. ඒත් හෙමීට හිනාවෙලා ඔළුව වැනුව.. මාත් ආපිට එයාට හිනාවුණේ ඇත්තට ම ලොකු හිතවත්කමකින්.

එයා හොඳින් නෙමෙයි.. 

කොච්චර කිව්වත් එයා තා ම මට ඒ වගේ ම කැමැතියි. මං සාගතේ මැරෙන්න යන පිස්සි වගේ අහුවෙන අහුවෙන ඔක්කොම ගිලිද් දි; දුව දුව කෑම කඩවල් හොයද් දි; එයා දිගට ම මං දිහා බලන් ඉන්නවත් නොදැනුණාමත් නෙමේ.. ඒත් මට තවත් ටෙන්ෂන් එකක් ඕනි නැති නිසයි හිතට එන හැම පිස්සුව ම කියව කියව උන්නෙ. මට ඕන වුණා අපි යාළුවො කියල දැනෙන්න දෙන්න ඒත්, 

මං සාර්ථක ද..?
මන්දා..

එයා පව් කියල අනුකම්පා කරන්නවත් මං වටින් නෑ නේ ද..?

හැමදා ම හැමෝගෙ ම කතාවල අන් චරිතයක් ම වෙලා උන්නු මට මගේ ම කියල කතාවක් තියනව කියල කියල දුන්නෙ ඔයා තමා Jin Young. ඒක හැමදා ම මතක තියේවි. ඒත් හිතවත්කමක් එක්ක බැඳුණු ආදරයකින් එහාට ඔයා ගැන ආදරයක් හිතන්න මට බෑ. සමාවෙන්න. මාත් උත්සාහ කළේ නැතුව නෙමේ.. පහුගිය අවුරුදු 2ක් මං ඕනතරං ඔය ගැන හිතල ඇති. ඒත් මට බෑ. මං හිතුවෙවත් නැති ගාණට එයාගෙ තැන කාටවත් ම දෙන්න බැරි තරං තදට එයාට ම බැඳිල. මට කරන්න දෙයක් නැහැ.. මං ඔයාගෙ වගේ තව බොරු රඟපෑමක් කරන එක තේරුමක් නෑ.. ඒකෙන් කාටවත් හොඳක් වෙන්නෑ. 

ඒත් එක ලස්සන දෙයක් තියනවා..

යථාර්ථෙ අඳුරඟෙන ඒක පිළිඅරන් මුහුණ දෙන්න පුළුවන් වෙච්ච එක ගැන අපි තුන්දෙනාට ම නිහතමානි ව සතුටු වෙන්න පුළුවන්..
ඒකත් කොච්චර දෙයක් ද නේ ද..?

මං එයත් එක්ක හුවමාරු කරපු ඒ හිනාවෙ මේ හැමදෙයක් ම කැටි වෙලා තිබ්බා. එයත් ආය ම හිනාවුණා ලස්සනට. ම්ම්හ්හ්.. එයාට ඒක තේරුණ එක ගැන සතුටුයි.

අපෙ දැහැන් බිඳිල ගියේ ආයමත් එකපාට්ට ම ඇහුණු කටහඬකින්.

"යා තවුසෙ කොහෙට ද මැට්ටි එකපාට්ට ම අතුරුදහන් උණේ!? යන දේවාලෙක කියල යන්න දන්නැද් ද..? මං අර ටොයිලට් පැත්තෙත්--" එයාගෙ කියවිල්ල නැවතුණේ අපි ව දැකල.. "ආ!~~ ඔයාලනෙ~~.."

"මං ඔහෙට කතාකළා කොහෙ ද ඇහුණ එකක් යැයි..? මොකද් ද කෝල් එහෙකනෙ හිටියෙ. ඉතිම් මාත් එන්න ආව. ඔන්නි ව දැක්ක ම ඉවසගම්න බැරිඋණා හෙහෙ.." නංගි නිදහසට කාරණා කිව්වෙ වෙන කාටවත් නෙමේ එයාගෙ ම ඔප්පට. හ්ම්ම්හ් Jimin තමයි ආවෙ. මට නොදැනි ම මගෙ මූණෙ පොඩි හිනාවක් ඇඳුණා. මොනා නැතත් එයාගෙ ඒ දක්ෂකම නං මාරයි. යන්තං ඇහැ කොනකට අහුවුණත් ඇති අර මයෙ කබල් හාටුවට බෑන්ඩ් ගහම්න. සැක්. හරි ම අසාධාරණයි. එයාටත් එහෙම ද දන්නෑ.. මගෙ කම්මුල් රත් වෙලා ගියා.

වෝහ්! මෙතන චා වෙම්න බෑ සාම්තහ්.. මණික Seo Ha අපි පස්සෙ ඕව හිතමු.

"Jin Young.. ඔයා කොයිවෙලේ ද ආවෙ..?" එයා ඇහුව.

"ආහ් අපි දෙන්න අද දවසෙ ම මෙහෙ. දැන් මේ නංගි මෙතෙන්ට ආවෙ.." මං උත්තර දුන්නෙ.

Jimin's POV

අද දවසෙ ම ඒ දෙන්න එකට උන්න ය කිව්ව ම මට ඉරිසියා හිතුණ ඉතිම්.. ඇත්තට ම ගොඩක්.
මොක ද මං දන්නව මොනා කොහොම කොච්චර කිව්වත් Jin Young තා ම Seo Haට කැමැතියි. එහෙම දවසින් හිතින් අයින් කරන්න තරං සෙල්ලක්කාරයෙක් නෙවෙයි ඌ.

ඒත් මට මුකුත් කියන්න හිත දුන්නෑ. එයාගෙ කතාව දන්න නිසා වෙන්නැති.. ඒ නිසා මං නිකං 'අහ්' ගාල ඔළුව වැනුව එක විතරයි කළේ.

එකපාට්ට ම නංගි කෑගැහුව නිකං පිටසක්සක්වලයෙක් දැකල වගේ.

"හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්~~~~...ඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඑඊඊඊඊඊඊඊඊඊඊඊඊ~~~!!!!"

"මොකෝ ඕයි පිස්සෙක් වගේ කෑගහන්නෙ? මොංගල්කම ප්‍රදර්ශනය කොරම්නෙපා මටත් එක්ක ලැජ්ජයි." මැට්ටි. හරි ම over-drmatic. සිරාවට ම ඒකි මගෙ ම නංගි ම ද..?
මේ ඒ දැවෙන පස්නෙ මතුවුණ පළමු අවස්ථාව නෙමේ මිතුරනි.

"ඔහේ කටවාපම්. ඒ මේ මේ මේ.., මේ ඔප්පා.., ඔයාගෙ නම ජින් යොන්ග් කියල ද කිව්වෙ..!?-ආ ඔව් ඒකනෙ කිව්වෙ. ඔයා පක් ජින් යොන්ග්- මං කිව්වෙ- මං ඔයා ව..-අනි!- ඕ~යා මා ව දන්නව ද..!? ඒඒහ්හ්හ්!!!?"

------

කවුතේ මේකි!? මං නං අඳුරන්නෑ.

ඔහෙල අඳුරනවතේ?

අර අසරණ කොල්ල හිනාවෙවී ඔළුව වැනුව.
ඌ කොහොම ද එහෙම ජෙනුයින් හිනාවුණේ මේං මෝල් ගහට.? Seo Haත් කළේ කට ඇද කරන් විරිත්තං උන්නු එක. සිරාවට කොහොම ද මේක බලන් ඉන්නෙ.?

"ඒඒඒඒඒඒඒ....... අපෙ ක්න්අප්පගෙ පුතා ඔයා කියලනං කියන්නෙපා..- ආ නෑ එක්කො කියන්නකො..! ඒඑව්~තකොට ඔයා සිරා මයෙ ක'සින් ද ඇහ්!?" උණහපුළුවෙක් වගේ ඇස් ලොකු කරන් කියවන හැටියක්. සැක්. දැන් මෙතනින් මාරු වෙන්නත් බෑ. Seo Haත් ඉන්නවනෙ. මට තව ටිකක් පරක්කු වෙලා එන්න තිබ්බෙ.

"ඔහොව් ඔව් එයා තමා මන්..හෙහෙහ්.." මූ නං.., සිරාවට ම මාර පොරක් ඈ..

"පක් ග්ම් ජේගෙයි හන් සොන්ග් හ්‍යෝගෙයි පුතා!?" --------------------

දෙයක් කියම්නතේ?

මං, මේ දැන් ඉඳන් මේ නාඳුනන ජීවිය ව මගෙ නංගිකමෙන් අයින් කරනව.

මේ මොන සැජ්ජාවක්තේ..!

ඒත් දරාගන්න ම බැරි තැන මං ම උත්තර දුන්නා.

"ඔව් ඔව් ඕයි බොගෙයි මගෙයි ක්න්අප්පගෙ දෙවෙනි පුතා තමා මේ.! දැන් ඇති නේ ඔය රැඟිල්ල..?"

"ඒ...... අනේ ඔප්පා වෙනස් වෙලාා..." එහෙම ද? මට නං මහ වෙලාවක් ගියෙ නෑ අඳුරගම්න.. හඃ! මගෙ දක්සතාවෙ ඉතිම් වෙන මොකද් ද..? සයන්ස් කරන මේකිට බැරිඋණත් ෆයිනල්ස් පවා කෙළවගත්ත මට පුළුවන් උණා අඳුරගම්න.. යේකත් ගැම්මක් තමයි!

"වයස යද්දි වෙනස් වෙනව තමා මණික.. ඒක එහෙම තමයි.." Seo Haත් මගෙ නංගි ය කියන එකී ව රෝස්ට් කොරම්න ගත්ත. මොනා උණත් පව් කියලත් හිතෙනව අෆ්ෆ.

"හාකො. මං ඔහෙගෙන් ඇහුවෙ නෑ." නෑ එක්කො පව් නෑ. පණ්ඩිතකමනං තියේ මොන රෙද්ද නැතත්.

"හරි හරි හරි මෙහ්., අපි කන ගමන් උන්නෙ. එන්න ඔයාලත් මොනාහරි අරන් අපි කස්ටිය ම කාල ම යමු." අන්තිමේ Jin Young එහෙම කිව්ව. නොකිව්වට උටත් මේ විකාරෙ නිමාවක් දකිම්න ඕනි වෙන්නැති. එහෙම නැත්තං ඌ පෘතුවි ජීවී කොල්ලෙක් වෙම්න බෑ.

අපි දෙන්නත් රමෙන් ඩිශ් දෙකක් ම අරන් එයාලත් එක්ක ම කෑව. මෙතන කෑම රසයි. කොහොමත් අද දවසෙ ම එහෙට මෙහෙට ගිහින් මහන්සියෙන් උන්නු නිසා තවත් රසට දැනුණ ද කොහෙ ද.. 
ඇයි අද මගෙ ජොබ් ඉන්ටවිව් එකයි.., නංගිගෙ ස්ටුඩන්ඩ් ට්‍රාන්ස්ෆරින්ග් වැඩ ටිකයි.., එහෙට මෙහෙට අද ඇවිද්ද එක ම තමා කළේ. ඒ නිසා ම යි නංගි ආකේඩ් එක හරියෙන් යද්දි කාර් එක නවත්තන්න කියල නලියන්න ගත්තෙ. මටත් ඉතිම් ඒකෙ අවුලක් තිබ්බෙත් නෑ ඒ නිසා ඔන්නොහෙ ආව. පොඩ්ඩක් ගේම් දෙක තුනක් ගහල ආතල්ලෙකක් අරං ඉවර වෙලා මඟක් හොඳ කෑම ස්ටෝල් එකක් හොයන් එද්දි තමා මේ පිස්සු කෙල්ල එකපාට්ට අතුරුදන් උණේ. කොච්චර ලොකු එකී උණත් එකපාට්ට ගිනි රත් වෙලා ගිහිං හොයාගන යද්දි තමා Jin Youngලත් එක්ක ඉන්නව අහම්බෙන් වගේ දැක්කෙ. හොඳ වෙලාවට..

කන ගමන් අපි හතරදෙනාගෙ ජීවිත ගෙවිල ගිය විදිය ගැන යි මං නිකමට හිතල බැලුවෙ. නංගි ඔම්මගෙනුයි මගෙනුයි වෙන්වුණේ අවුරුදු 8ක් 9ක් විතර වෙද්දි.. ගෑනු ළමෙක් විදියට එයාට ඔම්ම ව ඕනි ම කාලෙ අප්පත් එක්ක තනිය ම ජීවත් වෙන්න උණා. අප්පට වැඩට යන්න තියන නිසා අවුරුදු 14 වෙනකං එයා හවස් වෙනකං ම ඉඳල තිබ්බෙ day care center එහෙක.. ඊට පස්සෙ අප්පා ගෙදර එනකං තනිය ම..

එතකොට Jin Young.. මෝඩයෙක්. එයා අයිති මට කියල දැන දැනත් බොරුවට උගෙ හිත ම රවට්ටගන පස්සෙන් ගිහින්.., දැන් විඳවනව. ඒත්........., එයාට බැනල වැඩකුත් නැහැ. මොක ද ආදරේ කියන එක.., බලෙන් ඇතිකරන්න බෑ වගේ ම, බලෙන් නවත්තන්නත් බෑ. එහෙම වුණානං එතන තියෙන්නෙ ආදරයක් වෙන්න බැහැ. ආකර්ෂණයක් හෝ තාවකාලික කැමැත්තක් කියන්න පුළුවන් හරියට..........- ඔව්හ්.. හරියට මං කාලයක් හිටිය වගේ..

ඊළඟට Seo Ha.. හ්හ්හ්.. ඉස්කෝලෙ යද්දි අර කෝපි සිද්ධිය වෙනකං අඩු ම මං එයා ඉන්නව ද කියලවත් දැනගෙන හිටියෙ නෑ.. ඒත් එයා මට කැමැත්තෙන් ඉඳලලු.. දෙයියනේ ඔයා කොහොම ද දරුවො එච්චර කල් එහෙම හිතේ තියන් හිටියෙ..? දැනට අවුරුදු 8ක්. කෙනෙක්ට එහෙම ඉන්න පුළුවන් කියල ජින් යොන්ග්ගෙ කතාව අහනකං මං දැනගෙන හිටියෙ නෑ. එයාට මා ව අමතක කරන්න නං ඒ කාලෙ හොඳට ම ඇති. ඒත් එයාට ඒක කරන්න බැරි තරමට මං වගේ නිකමෙක්ට ඇයි එයා එච්චර කැමැත්තෙන් උන්නෙ.. මාත් එක්ක බැලුව ම අවංකව ම ජින් යොන්ග් දාහකින් හොයාගන්න බැරි චරිතයක්. ඒත් ඒකෙන්වත් ඔයාගෙ හිත වෙනස් වෙන්නැති තරමට මට කැමැති උණේ ඇයි ඔයා? සමහරවිට ඔයා මා ව අමතක කරල තිබ්බ නං මං ඔයා ව ජින් යොන්ග්ට ම දීල පැත්තකට වෙන්නත් ඉඩ තිබ්බ. මටත් වඩා හොඳට එයා ඔයා ව බලාගනී.. ඒත් ඔයා මොකට ද තා ම මට කැමැති? ඒ නිසා මට නොදැක්ක වගේ යන්න බෑ.

ඔය දෙන්න අතර සම්බන්ධෙ නැවැත්තුව කියල ඔයාල කිව්ව තමයි.. ඒත් ඔයා එයා ව අතෑරියත් එයා ඔයා ව අතෑරිය පාටක් පේන්නෙ නෑ. ඒත් කරන්න දෙයක් නෑ. මට ඔයා ව ඕනි. මේක වැරැද්දක්නං.., ඒකට සමාවෙන්න.

හ්හ්හ්හ්.. අන්තිමට මම..
මම යන්තං middle school යන්න ගත්ත විතරයි ඔම්මයි අප්පයි වෙන් වෙද්දි. එයාල එයාලගෙයි අපෙයි හොඳට කියල වෙන් වුණට නංගිගෙයි අප්පගෙයි හිස්තැන පේන්න වැඩි කාලයක් ගියෙ නෑ. ඔම්මා මානසික ව වැටුණ. මාත් එක්ක කතා කරල හිත හදනව වෙනුවට ජනේලෙ ළඟින් වාඩි වෙලා ඔහේ බලන් ඉන්න ගත්ත. ඒ හින්ද ම එයාට තද ඔළුවෙ කැක්කුමක් ඇවිත් බෙහෙත් කරන්නත් උණා. මං පිස්සෙක් උන්නැති ටික විතරයි. ඒ හින්ද ම වෙන්නැති මං නොලැබිච්ච ආදරයක් හොයන් හිතෙන හිතෙන කෙල්ල එක්ක කියවන්න ගියේ. මගෙ යාළුවො සෙට් එක නොහිටිය නං මං කොහෙන් නවතියි ද කියල මංවත් දන්නෑ. එයාල ඒ කාලෙ මාවත් ඇදන් පොඩියට බෑන්ඩ් එකක් පටන් ගත්තෙත් මගෙ හිත හැදෙන්න ම යි.

මට මුලින් ම ආකර්ෂණේට එහා ගිහින් කැමැත්තක් ආවෙ ගා එ'න් ගැන. ඒත් එයා ලෙස්බියන් උණා ම මම ආයෙත් අවුල් ගියා. ඒත් දැන් හිතද්දි තේරෙනව ඒකත් ඔය නිකං තාවකාලික කැමැත්තක් ඉතරයි කියල. මොක ද ඒ මං දවස ගාණෙ එක එක කෙල්ලො ආශ්‍රය කරපු කාලෙනෙ.

සෝ හාගෙ සිද්ධිය ඇත්තට ම මං මුලින් ගණන් ගත්තෙ නෑ. එයාගෙ අත තුවාල උණා කියලවත් මං දැනන් උන්නෙ නෑ. මට තිබ්බෙ එයත් එක්ක තරහක්. තරහටත් වඩා කැත ආතල්ලෙකක්දත් කියලත් හිතෙනව. මගෙ යි ගා එ'න් ගෙයි මැද්දට පැන්න ය කියල.. ඒ දවස්වල ඒ හින්ද ම මං එයාට 'ගස් ගෙම්බි' කියල නමකුත් දාගන උන්නෙ.. හෙහෙහ්..
සැක්.. ඒ කාලෙ ගොං බොළඳ ගති මතක් වෙද්දි මට ම හිනායනව..

පහු දවසෙ ජි ආ මට කෑ ගැහුව. එදා තමයි මට ලොකු ගිල්ට් එකක් ආවෙ. මං හිතන්නෙ සෝ හා ගැන මං හරියට ම අවධානෙකින් හිතුවෙ එදා. 

එදා හවස නූනා මට කිව්ව දේවල් එකදිගට කනේ පාරවල් ගහනව වගේ මට වැදුණෙ. හෙහ්. මට විතරක් ය ඒව කී දෙනෙක්ට නං වැදුණ ද..? සමහරුන්ටනං හයියෙන් ම වැදුණනෙ. හෙහ්..

මට එදා එයාගෙන් සමාව ඉල්ලන්න බැරි උණා. ඒත් එයා නිසා ම නංගි ව මුණ ගැහුණ. ඒ නිසා ඔම්ම යි අප්පයි එකතු වුණා. දැන් අපෙ පවුල ආය සතුටින්. මං එයාට ණය වුණා කියල දැනුණෙ එහෙම. එයාගෙ පුංචි පුංචි ලස්සන හැසිරීම් මං හරියට ම දැක්කෙත් එදා.

මේ පවුලෙ දේවල් නිසා මට ආය එයා ව අතෑරුණා.. රට ගියා. එයා ව ආය මතක් වෙද්දි හිතට දැනුණ බර මට මාව ම එපා කෙරෙව්ව. මං හිතුවෙ අපි හතරදෙනා එකතු උණ නිසා දැන් ඔක්කොම හරි කියල ඒත්, රටින් යන්න කලින් එයා මගෙ හිතෙන් ඉඩක් අරන් තිබ්බ. ළඟ තියා ඇහැට දකින්නවත් නැති තැන මට ඒ ඉඩේ හිස් බව දැනෙනකොටයි තේරුණේ මං එයාට කැමැතියි කියල. එයාගෙන් සමාව නොගත්ත එක මගෙ හිතට වදදෙන්න ගත්ත. එදා අර තෑගි පෙට්ටියත් නැති උණානෙ..

නංගි එයාට කෝල් කරද්දි මං ළඟට වෙලා උන්නා. එයාගෙ ෆෝන් එක උස්සල මැසේජ් චෙක් කළා.. හැම සෝෂල් මීඩියා එහෙක ම සර්ච් කරල එයා ඉන්න හැම අකෞන්ට් එක ම ෆොලෝ කළා. ඒ විදියට මාත් එයාට ආදරේ කරන්න ගත්තෙ.. පසුතැවීමක් ආදරේකට හැරෙයි කියල මංවත් හිතුවෙ නෑ. ඒත් එහෙම වෙලා.

දැන් පරක්කු වැඩියි. මටත් ඒක නවත්තගන්න බැහැ.. මං එනකං බලන් උන්න එයාට මට ම ඉන්න කියන්න වෙලා.

මං එයා කන දිහා බලාගන උන්නා.

(ඕටර් : මොන උලව්වක්තෙ මන් මේ ලියන්නෙ මට හිනායනව යකෝ..!😂😂😂😂💔)

මගෙ හෑලි හිතිල්ලට බාධා කළේ මගෙ ම පෝන් කට්ට. කතා කරපු එකාගෙ පරම්පරාව ම සිහි කර කර ෆෝන් එක අතට ගත්තට caller ID එක දැක්ක ම සුප් එකත් හිර උණා..

"කවු ද ඔප්පා..?" නංගි ඇහුවෙ මං කහිනව දැකල..

"F.S.." මං කැහැ කැහැ ම උත්තර දුන්න.

"හම්මටසිරි!..ස්ස්ස්... මෙහ්, සෙනඟ නැති හරියකට යනව මෙතන සද්දෙයි.."

"ම්ම්හ්.." මාත් වතුර ටිකක් කටේ හලාගන නැගිටල ගියේ සෙනඟ අඩු හරියකට..

-

කෝල් එක අරන් මං ආය එද්දි Jin Young එතන හිටියෙ නෑ. මං එනකොට ම වගේ නංගිත් නැගිට්ට. මිනිස්සුත් කට්ටි පිටින් යනව. මං වෙලාව බැලුව. හරිනෙ.. අටටත් කිට්ටුයි. ආය මිනිස්සු පිරෙන්නෙ නවය පහුවෙලා.

"කොහෙ ද යන්නෙ?" මට ආයෙත් බෑ මෙයා ව හොයන්න යන්න.

"ටොයිලට්. චූ බරයි."

"මාත් එන්න ඕනෙ නැද් ද?" Seo Ha ඇහුව.

"පිස්සු ද බං මෙතන්ට දොර පේන්නෙ අර.. උඹ හිටාම් මං යන්නං.."

"යන දේවාලෙකින් ඉක්මනට එනව මට වටේ යන්න බෑ තෞසෙ ව හොයන්න.."

"ආ හරි හරි.. මේ ඒක නෙමේ.. මොකෝ උණේ ඔයා ව තෝරගෙන ද?"

"හ්ම්ම් ඔව් නැත්තං.! මං oriflame එකේ හිටිය කිව්ව ම උඩින් ම ගත්තෙ.." මං හෙන ගැම්මෙන් කිව්වෙ. දැන් කතා කළේ මං අද executive manager post එකට interview ගිය The Face Shop එකෙන්. මං කොහොමත් මෙහෙට එද්දි ඒක තමා ටාගට් කරන් ආවෙ. හිතුව විදියට ම මට ජොබ් එක ලැබුණ.

"හම්මටසිරි! මං දැනගෙන හිටිය හැබැයි.." නංගි මට පහක් ගැහුව.

"මොකද් ද වෙන්නෙ..?" Seo Ha පුටුවෙ ඉඳන් අපි දෙන්න දිහා උඩ බලාගන එහෙම ඇහුවෙ හෙමීට..

"ආ! අපෙ ඔප්පා අද ඉන්ටවිවි ගියානෙ The Face Shop එකේ executive manager කෙනෙක්ට. එයා කලින් හිටියෙ oriflame එකේ හිටිය කිව්වනෙ. ඔන්න අද ම කෝල් එක ඇවිත් ජොබ් එකත් එක්ක.."

"The Face Shop?"

"ඔව්ව්.. ඇයි?" මං ඇහුවෙ. ඇයි එයා එහෙම අහන්නෙ.?

"අ~ නෑ.. අපි perfume testing; training; අරව මෙව්වට යන්නෙ එන්නෙත් ඒකෙ ලැබ් එකට තමා.. මං ඩිග්‍රිය ඉවර වෙලා ජොබ් එක ගන්න ඉන්නෙත් ඒකෙ..." මොකක්!?

"ඒඒඒඒහ්හ්හ්හ්!? වාාව්ව්ව්ව්හ්හ්හ්හ්හ්! දේබක්! ('නියමයිනෙ!/ෆට්ටනෙ!') ඔය දෙන්නට හම්බෙත හැකි ඒනං වැඩ කරද්දිත්.. ආආආව්ව්ව්ව්..." නංගි ඒකිගෙ බරත් අමතක කර්ල කියවන්න ගත්ත.. මොනා උණත්.. ඇත්තක්.. මටත් සතුටුයි.. ගොඩක්..

අපි දෙන්නට ම හිනා ගියා ඒකට. හිනා වෙන ගමන් ම යි ඇස් මුණ ගැහුණෙ. එයා හිනාවෙවී ම ඉක්මනට අහක බලාගත්ත. මොකද් ද අනේ..

"ආ~ මට~ චූ දාන්නත් තියනවනෙ මං~.. යන්නං ඇහ්!" මං හිතන්නෙ නංගිට තත්ත්වෙ මීටර් උණා ද කොහෙ ද.. ඒකත් හොඳ යි ඉතිම්. නංගි ගිය නිසා මං එයාට ළඟ පුටුවෙන් ඉඳගත්ත.

"අහ්.. කෝ Jin Young?"

"ආ~ එයා ගියානෙ. මේ පාරනං සිරාවට ම එයාගෙ හ්‍යොන්ග් ගෙට වැඩල.."

"හම්මේ, එහෙම ද?"

"ම්ම්.., ෆෝන් එකෙන් මෙහාටත් සද්දෙ ඇහුණ..හෙහෙහ්හ්.." ඔයා ලස්සනයි.. හිනාවෙද්දි..

"හම්මොහ්.. මිනිහ කොහොමත් ඒ කාලෙ ඉඳන් ලේසි නැති එකා.." මාත් එයාගෙ හිනාවට එකතු උණා. ඒත් හිනාව ඉවර උණාට පස්සෙ කතා කරන්න දෙයක් මතක් උන්නෑ. සැක්. මට පෙන්නන්න ම බැරි මේ වගේ වෙලාවල්. 

"ආ.. මේ.."

"මට.."

අපි දෙන්න ම එක පාර ම වගේ කිව්වෙ.

"ඔයා කියන්න!" මාත් ඒක ම කියන්න යද්දි එයා මැද්දෙන් පැන්න නිසා මං කටවහගත්ත. හෙහ්. තාමත් එහෙම්ම ම යි ඒ ගතිය.. මගේ ගස් ගෙම්බි..

"නෑ මං කියන්න ගියේ.., oriflame එක දාල ආවට දැන් නං නිකං දුකයිත් වගේ.. අහ්~ දන්නව ද අපේ monthly magazine එකට ආපු එක model කෙනෙක් මගෙන් කැමැතිදත් ඇහුව.." එහෙම සිද්ධියක් උණා.. ඒත් ඒක මෙතෙන්ට ඇදල ගත්තෙනං උවමනාවෙන් ම යි.. මට එයාගෙ මූණ බලන්නෝන එතෝට.. ;)

"ආ~ ස්වීඩන් කෙල්ලො ගති නේ ද? මාත් දැකල තියනව ඔය internet එකේ magazineවල එහෙම.. ඉතිම් ඔයා හා කිව්ව ද?" එහ්? ඉරිසියා නැද් ද? මොකද් ද අයියො!

"ම්ම්හ්. නැහ්. ඒකි සිරා ෆට්ට ම කෑල්ල තමා.. ඒත් ඒකිට වඩා ලස්සන එකියෙක්ට හිත ගියා." අත මේසෙ උඩින් තියල අත්ල උඩින් කම්මුල තියාන මං එයා දිහා බලාගන ම කිව්ව.

"ඇත්තට!? ඒකත් ස්වීඩන් ද?" එයත් ඒ විදියට ම කම්මුල අතේ ගහගන මගෙ මූණට එබිල කිව්ව..

"නෑ.. එයානං කොරියන්.." මං කට කොනට හිනාවුණා.

"හ්හ්හ්... කොරියන් modelලත් උන්න ද එහෙ..?" එයත් කට කොනට හිනා වුණා. මෙයා ඇත්තට ම මෝඩයි ද නැත්තං මං ද ඇන්ඳෙන්නෙ මෙතන..?

"නැහ් එයා model කෙනෙක් නෙමේ. කොහෙ ද යන මොට්ට කෙල්ලෙක්. මටත් මොකට හිත ගියා ද මන්ද.." එයා ඇහිබැමකුත් උස්සල ලොකු හුස්මක් ගත්ත.. ඔයා මා ව අන්ඳන්න එනවනං.., එන්න සුදූ අපි දෙන්න ම එකට ම ඇන්ඳෙමු..

"අනෙ එහෙම ද..? මාර අපරාදයක්නෙ.. අමතක කරන්න තියෙන්නෙ.." මං හිතන්නෙ එයාගෙ ඉවසීම පැන්නා. දැන් තමයි වෙලාව තුරුම්පුව අදින්න.. ;)

"අමතක කරන්න බෑනෙ.. මං එයාට ගොඩක් ආදරෙයි.." මං කිව්වෙ එයාගෙ මූණට ම එබිලා. එයා හොඳට ම රතු වෙන්න ගියේ ටික වෙලාව යි. කට හෙලවුණත් එයාගෙ කටින් මුකුත් පිටවුණ් නෑ.. එයාගෙ තොල් රෝස පාටයි.. මට තවත් බලන් ඉන්න ම බැරි උණා..
[Smooth like a like a snakeuu....
Smooth like butter...
💃🏻💃🏻💃🏻]

(ඕටර්ගෙන් අනියම් ඇඩ් එකකි.. : ඕයි! කෞරුහරි මට මේ හිනායන එක නවත්තපියව්!😂😂😂💔)

ඒත් මටවත් හිතාගන්න වෙලාවක් නොතිය එයා මගෙ තොල්වලට පුංචි හාද්දක් දුන්නා. එයා හෙමීට ඇස් ඇරල මගෙ ඇස් දිහා බලද්දිත් මං උන්නෙ කතා කරගන්න තියා ඇස් පිල්ලමක්වත් ගහගන්න බැරුව. මීටර් වෙලා පියවි සිහියට එන්න මට තප්පර කීපයක් ගියා... ඒකට එයාට ලැජ්ජ හිතුණ ද කොහෙ ද..

"ආෂ්හ්.." එයා මූණත් නාළු කරන් ලැජ්ජාවෙන් අහක බලාගන්න හැදුවෙ.. ඒත් මා ව මෙහෙම අවුස්සල එහෙම යන්න දෙන්න පුළුවන් ද..?
මං එහෙම්ම ම එයාගෙ නිකටින් අල්ලල මූණ හරවගෙන එයාගෙ තොල්වලට බරවුණේ වටේපිටාවෙ වෙන දේවල් ගැනවත් නොහිත. එයාගෙන් තප්පර කීපයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව උන්නත් පස්සෙ අවනත වුණා. මිනිත්තු කීයක් ගියා ද දන්නෑ.. ඒත් එකපාට්ට ම ඇහිච්ච හිනාවක් නිසා සෝ හා ඉක්මනට මගෙන් ඈත් වෙලා ඒ සද්දෙ ඇහිච්චි දිහාට හැරුණ.. මට කේන්ති ගියේ නෑ කිව්වොත් බොරු ඉතින්.. මාත් බැලුවෙ ඒ කවු ද කියල..

.

.

.

යකෝ!

මේ මගෙ නංගි කියන ගෑනිනෙ! ෆෝන් එකත් අල්ලන් අපි ව විඩියෝ කරනව ද!? යකෝ මේකි!!!

තාමත් හිනාවෙනෝනෙ අම්මෆ! මේකිගෙ හල්මොනි ව මතක් කරන්නත් බෑ ඒ මගෙත් හල්මොනිනෙ.. රෙද්දක්!

"අයිගෝ ඇයි නැවැත්තුවෙ!!? තා ටිකක් කරන්නනෙ තිබ්බෙ.. සිරාවට ම යි කියන්නෙ ආය කේඩ්‍ර්‍රාමා එකක් ලයිව් බැලුව වගේ ඈ.. හම්මොහ් ඒ රොමාන්තික ඇත්මොස්පියර්රෙකහ්! තා පොඩ්ඩෙන් මට වටෙත් සෝස පාටට පේන්න ගන්නව.." තාමත් ෆෝන්නෙක අතේ තියන් බඩත් අල්ලං හිනා වෙන හැටි තැලිල තලපයක් වෙනකං ගහන්න හිතයි සිරා!

"ඕයි ඒක කැතයි බම්ලෝ! ඕක ඩිලීට් කරාම් ඈ..! දෙනව ඔය ෆෝන්නෙක.." සෝ හාත් කෑගහම් ඒකිගෙ පස්සෙන් දිව්ව. මං හිටපු තැන ම හිටියෙ තාමත් කේන්ති නිසා. සැක්. ෆස්ට් කිස් එක.. එළහරකි! 

ඒත් ටිකකින් මට හිනාගියා.. හැමදේ ම අන්තිමේ.. අපි සතුටින්..



෴සමාප්තයි෴



A/N

හම්ම්ම්ම්බෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ!

යන්තං ඉවරයීඊඊඊඊඊඊඊඊ!🥳🥳🥳🥳🥳

ම~ට~ ස~තු~ටු~යි~~~~~~~~~~~~~~~~~~~~~!💃🏻💃🏻💃🏻💃🏻💃🏻💃🏻💃🏻💃🏻

මට මයෙ එක ඌලු පැට්ටෙක් කිව්වනෙ දෙයියනේ අන්තිමට මේක දාල මාසයක් වෙනව කියල!
මං දැනන් උන්නෙත් නෑ බොල සිරාවට එච්චර කල් ගියාතේ?

කියන්න ලැජ්ජයි ඒත් සමහර කෑලි අද ලියද්දි මට ම කතාව මතක නැති වෙලා මගෙ ම කතාවෙ කලින් චැපි කියවම්න උණාහ්. ඉම්හි..🙂🔥

ඔන්න ඉටිම් ඒ නිසා මං 20+ කවර් ඕඩර් එහෙම්ම ම පැත්තක තියල මේ උලව්ව ලියල දැම්ම. ඉම්හික්. කෝ මට දෙම්න මොනාහරි..

ආ මෙහ්!?
Epilogue හෙම ඕනෙයි? යමක් කැරකෙනෝ ඔළුවෙ..🌚✨

හම්නේ අද සූම් මීටිම යනකනුත් ගාණක් තිබ්බෙ නෑ යකෝ ඒත් මේ ඉස්ටේටස් දැකල මානසික ව වැටිල අත අඹරන් ඉම්නෙ..

ඒ අස්සෙ මා බයස් ජිනාගෙ ලයිව් එකත් මිස් උණාහ් හුවෑහ්! කලින් ලයිව් සෙට් එකමත් මිස් උණාහ්. ටේගෙ එක අන්තිම විනාඩියෙන්..

මා වැනි අවසානවම්ත ජීවියො තව නෑ මන් දම්නව..😭💔

එච්චර වෙලත් මේ මට අප්‍රිය උලව් කතාව දුන්නට බොලාල මට පිං දෙම්නෝන යකෝ පිං හුවෑහ්..🤧

Bạn đang đọc truyện trên: Truyen2U.Pro