.දහය:- පුංචි වැරදීම්..

Màu nền
Font chữ
Font size
Chiều cao dòng


Jimin's POV

අද ස්ටොක්හො(ල්)ම්වලට (ස්වීඩනයේ අගනුවර) උදේ ඉඳන් ම එක දිගට වැස්ස. පළාත ම අඳුරු  කරල දවස ම මූසලයි. අද සිකුරාද උණත් මං වැඩට ගියේ නැත්තෙ මේ මූසල ගතිය හින්ද ඇඟටත් අවුල් ගිය නිසා. ලෙඩ නිවාඩුවක් දැම්ම. කොහොමත් හෙට අනිද්ද ම ආයි කොරියා යනවනේ. අපෙ හල්මොනීට අසනීප වෙලා නිසා එන්න කියල තිබ්බේ. අප්පගෙ නං කල්පනාව එහෙම නවතින්න. මටත් ගාණක් නෑ ඉටිම්. නංගිත් exchange student කෙනෙක් විදියට එහෙ කොලේජ් එහෙකට ඇතුළු වෙලා එයාගෙ වැඩ ටික කරගනියි. 

මේ අවුරුදු හයකට කොච්චර දේවල් වෙනස් උණා ද කියල හිතන්නත් අමාරුයි. මගෙ finalsවල results ටිකක් මදි හන්ද කොලේජ් යාගන්න බැරි උණා මෙහෙන්වත්. කොහොමත් මට ඕකකට යන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ඉක්මන්ට ම රස්සාවක් කරන්නයි ගාය තිබ්බෙ. ඒ නිසා අප්පගෙත් අනුදැනුම ඇතුව අවුරුදු තුනක් තිස්සෙ management courses දෙකක් ම කළා. තැන් කිහිපෙකට ඉල්ලුම් ක‍රල තේරුණ ඒවයින් වැඩියෙන් ම හිතට අල්ලපු තැන තමා දැන් වැඩ කරන්නෙ. ස්ටොක්හො(ල්)ම්වල Oriflame company එකේ. Top ම qualifications නැති නිසා supervisor කෙනෙක් විදියට ඇතුළට ගියත් හොඳට ම මහන්සි වෙලා බොක්කෙන් ම වැඩ කරපු නිසා තවත් අවුරුදු තුනක් හමාරක් යද්දි executive manager වෙනකං ඉස්සරහට යන්න පුළුවන් උණා. දැන් මගෙ සාක්කුවත් සනීපෙන් ඉන්නව.

ඒ හින්ද හැබැයි නිකං දැම් මේක දාල යන්නත් දුකයි වගේ. මං ඊයෙ තමා resignation letter එක භාර දුන්නෙ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


 ●  𝓞 R I F L A M E  
 ── ꜱ ᴡ ᴇ ᴅ ᴇ ɴ ──

මේක Sweden based beauty and personal care products නිපදවන ආයතනයක්. ලෝකෙ පුරාම ප්‍රසිද්ධ‍‍ brand එකක්. ලංකාවෙ පවා පාවිච්චි කරනවා. ඔයාලත් මේක ගැන නං අහල, සමහරවිට පාවිච්චි කරල පවා ඇති. නොදන්න අයටයි කිව්වෙ.

(Oriflame Office in Stockholm, Sweden)

(Oriflame Concept Store, Stockholm, Sweden)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නංගි ඉතිම් කොහොමත් ඉගෙනගන්න දක්ෂයිනෙ මං වගේ රට හරකෙක් නෙමේ. ඒ නිසා එයාට පුළුවන් උණා කොලේජ් යන්න. මං ඔය කොලේජ්වල වැඩ වෙන හැටියක් නං දම්නෑ. කොහොමහරි එයා කරන්නෙ නං plant science. ඊට එහා ඒ ගැන කියන්න මට දැනුමක් නෑ.

දවසෙන් භාගයක් විතර පෝන් එක ම අල්ලන් ඉඳල දැම් ඒකත් එපා වෙලා තියෙම්නෙ. මං මේ දවස්වල මේ ස්ක්‍රීන් එක ඉස්සරහ ඉන්න හැටියට නං ළඟඳි ම මගෙ ඇස්වලට ප්‍රශ්නයක් වෙනව.

(ඕටර් : එකඟයි සාම්ත එකෙන් ම එකඟයි🙂💔🔥

Jimin : හරි බං එල.

ඕටර් : *🙂💔🔥*)

එතකොටයි මතක් උණේ නංගිත් අද ඉඳන් මෙහෙ කොලේජ් යන එක නවත්තල දැම් ගෙදර නේ ද ඉම්නෙ කියල. මූඩ් එක පට්ට ම බෝරිම් වෙලා ගිය එකේ නංගි ව අවුස්සලවත් ආතල් එකක් ගන්න හිතම් එයාගෙ කාමරේට යද්දි එයා හිටියෙ කෝල් එහෙක.

ඉදකිම්.

මං ආතල් එකක් ගන්න එනකොටමයි මේකිටත් කෝල් එන්න. ඒ කෝල් කරපු එකාගෙත් හල්මොනි ව හරි ම බැතියෙන් සිහිපත් උණා මට. මං ආයි හැරුණෙ කුස්සියටවත් ගිහිම් මොකක්හරි ගිලින්නවත් හිතාන.

"අනේ Seo Ha ඔන්නි ඇත්තම ද..!? ඒ කියන්නෙ දැන් ගෙදරිනුත් දන්නව ද ඔයාගෙ කොල්ල ගැන..!"

කෝල් එකේ හිටපු කෙනත් එක්ක නංගි කිව්ව දේ ඇහුණ ම මා ව හිටි තැන ම නතර උණා.

කොල්ල කිව්ව!?

හහ්! එයා එච්චර දියුණු උණේ කවද් ද?

නංගි ගොඩක් වෙලාවට එයාට කෝල් කරනව මට ඇහිල තියනව. ඇත්ත ම කිව්වොත්.., මං අහගෙන ඉඳල තියනව. මොකද් දෝ ගායකට මට ඒක අහං ඉන්නමයි හිතෙන්නෙ. මං එහෙම අනුන්ගෙ කෝල්වලට කන් දීගන ඉන්න කෙනෙක් නෙමේ නැහ්නං..

"යා ඔන්නි ඔයා නරකයි හරි ද... මට නිකමටවත් කලින් කිව්වෙ නෑනෙ කොල්ලෙක් ගැන.. අදත් මං කටින් අල්ලගත්තෙ නැහ්නං අද කියන්නෙත් නෑ. හිත කැඩුණ හොඳේ.."

අපේ නංගි හරි දක්සයි ඇත්තට ම අපි හංගගන ඉන්න දේවල් කොහොමහරි කටින් අරගන්න. සමහර වෙලාවට එයාට ඕන දේ දැනගෙන ඉවර වෙනකනුත් අපිවත් දන්නෑ අපි ඒක කිව්ව කියල.

"අම්මේ ඉතිම් හරි හරී.. ආ මේ ඒක නෙමේ අපි ලබන සඳුද ඔහෙ එනව. බොහෝ විට ඔහෙම නවතියි.."

එයාට මොකට ද ඒව කියන්නෙ..?

"හරි හරි අයියො ඔහෙ නෑවිත් කොහොම ද? අනිව අපි කට්ටිය ම එන්නං ඔයාල ව බලල යන්න. අපෙ ඔම්මත් හරියට මතක් කරනව ඔයාවයි A Yeon ඔන්නිවයි. හරි පිංවන්ත සිරියාවන්ත පැටව් දෙන්නෙක් කියන්නෙ.. අනේ අපිනෙ ඉතිම් දන්නෙ පැටවුන්ගෙ තරම.."

අම්මේ ඔව්. බලන්නෙපැයි අපෙ ඔම්මට ඒ දෙන්නගෙ තියෙන අගේ. මතක් වෙන වෙන ගාණට කියෝනව. එයා ම වැදුව අපිට වැඩිය ලොකු වෙලා උන්ව.

(ඕටර් : මටත් තියෙනෝ ඔය හා සමාන පස්නයක්. අපෙ මෑණියන්ට මගෙ අර යාළුවයි කියන එකී ව කොච්චර කොළත් පේන්නෙ නිකං සර්ව සම්පූර්ණ ශ්‍රියා කාන්තාව වගේ. ඒ වෙලාවට මොන දේ කළත් මං වීදුරු. ඉරිසියාවට නෙමේ මේ ඩුකටෛ කියම්නෙ.

Jimin : කොහෙත් එකයි බැලුවා ම..

ඕටර් : හුම්ම් හුම්ම්ම්.🤧💔✨)

"ආ හා ඔච්චර උඩ යන්න එපා බලාගන එහා පැත්තෙ කන්දක් වැදෙයි."

'-------------------------------'

"ආ කන්දක් නැද් ද එහෙනං කමක් නෑ. මේ, A Yeon ඔන්නිට කොහොම ද ඉතිම් දැන්..?"

'-----------------------'

"අනූ... ඒම ද..? දැන් නං ඉක්කන්ට ම එන්න ඕනි මට...."

අයියෝ සාම්ත බලහල්ලකො කකුල් දෙකත් එක දිගට පොළොවෙ ගගහ උඩ පැන පැන කියෝන හැටි එයත් එක්ක. මේ දෙන්නගෙ මාර මෙව්ව එකක්නෙ තියෙම්නෙ. ඊරිසියයිත් වගේ.

"ආ හරි ඔන්නි හරි මටත් තියනව කොහොමත් දැන් වැඩ ගොඩක් තව දවස් දෙකයිනෙ ලෑස්ති වෙන්නත් තියෙන්නෙ."

'------------------------'

"ඕ ඔව් උදේ ෆ්ලයිට් එකෙන් තමයි එන්නෙ. ගොඩක් වෙලා යනවනෙ. හවස හෝ රෑ වෙයි ලෑන්ඩ් කරද්දි.."

'----------------------------------'

"ම්ම් හ්ම්ම් හරි හරි කිව්වනෙ එනෝ කියල.."

'-------------------------'

"ම්ම් හරි ඔන්නි එහෙනං තියනවා.. අන්න්‍යොන්ග්!"

'---------'

"සරංග්හේ!" හිකි හිකි ගගා කියන හැටියක්..

ට්ච්ෂ්! කෝලං.

මං අහකක් බලාන යන්න හදද්දි ම නංගිත් එළියට ආව.

"යා ඔප්පා.. මොක ද මෙතන..?" මාව දැක්ක ම පුදුමත් හිතෙනව ද? ඇස් ලොකු කරන් ඉන්නෙ..

[(ඕටර් විසින් කොනක ඉඳම් කියන ලදි : පුදුම වෙනව ද ත් අහනෝ. ඔහේ ව දැක්කොත් එහෙම මැරුණෙ නැතොත් මං, අන්න ඒක නං පුදුමයි..🙂🤧)]

"ඇයි? මේ ගෙදර ඕන තැනක යන්න මට පුළුවන්." 

"ට්ච්ෂ්!" යකෝ ඇස් දෙකත් හීනි කරම් මට සීන් දාන්නෙ!?

"යා.. මං ඔහෙට වඩා වැඩිමල්.. ඔය සීන් මට විතරක් දාගන එන්නෙපා හරිය..!"

"අනේ මං බය උණා." මට දිව දික් කරන හැටි. හිතන් ඇත්තෙ හරි ලස්සන දිවක් තියෙන්නෙ කියල. කෙළ හින්ද දිලිසෙනව මිසක් දැක්ක ම එපා වෙනව.

"ඕයි මේ.." මට ගස්සගෙන ටික දුරක් ගිහින් ආයෙත් මං ළඟට ම දුවන් ආව මේකි. ඒ ගමන මොකාට ද එන්නෙ?

"මේ. ඔහේ මං කෝල් කරන ඒව අහන් ඉන්නව නේ..? කියනව.!" මොක? මේකි දැක්ක ද? මං පේන් නැති වෙන්නනෙ හිටියෙ.

"හඃ! මට වෙන වැඩක් ඇත්තෙ ම නෑනෙ තමුසෙගෙ කෝල් අහ අහ ඉන්න.. අනේ නිකං යනව හලෝ යන්න.."

"ආ ඔව් වෙන්නත් ඇති ඔහේ හැම තිස්සෙ ම මගෙ කෝල් අහන් ඉන්නෙත් නෑනෙ. අහන් ඉන්නෙ Seo Ha ඔන්නිගෙ ඒව විතරනෙ නේ?" මොක!? මේකි කොහොම ද දන්නෙ!? මට ඔය කින්ඩි හිනාව නං ඇල්ලුවෙ නෑ සප්තලම්..

"ඇහැහ්හ්!?" 

"මොකෝ ඔය ඇස් දෙක ලොකු කරගන..?" හොම්බ සමතලා වෙන්න දෙන්න හිතයි ආයි ඔහොම හිනා වෙන්න බැරි වෙන්න ම.

මගෙ ඇස්..? මං නාගත්ත ද මිත්‍රවරුනි..?

(ඕටර් : ඔව් ඇදගෙන ම නාගත්ත. දැන් සනීප ද සහෝ?

Jimin : සිරාවට ම?

ඕටර් : කියම්න ඩුකෛ ඒත් ඒක ඇත්තයි.

Jimin : ඕහ් ශිට්!

ඕටර් : පුඃ!~ මනමාලන් ව සිහි විය..

Jimin : කවුරු?

ඕටර් : නෑ නෑ මුකුට් නෑ.)

"මේ මේ මාතaකාවෙන් පිට පයින්නෙපා.." මට කියන්න වෙන එකක් මතක් උන්නෑ.

"නෑ නෑ මං පිට පැන්නෙ නෑ සුට්ටම් වංගුවක් ගත්ත එච්චරයි.. මේ ඒක නෙමේ ඇයි ඉටිම් ඔවා Seo Ha ඔන්නි කතා කරද් දි ම අහම් ඉම්නෙ..? ඇහ්?" ඇස් දෙකත් බෝල කරම් අහන හැටි..

"ඔහෙට නට් ලූස් කියල නං දම්නව ඒත් ඒ නට් ටික හැලිල කියල දැනගත්තෙ අද.. හොයාගෙන තද කරගනිම්. විකාර කියවන් නැතුව. සෙද්ද."

"හරි බ්‍රෝ.., මං දම්නව මට පිස්සු තමයී.. ඒත් මම් හිතම්නෙ දැන් ඔහෙට මට වඩා ලොකු ලෙඩක් හැදිල. තත්වෙ ටිකක් භයානකයි දැනටත්, ඔව්!"

"මඟුලක් ද කියවන්නෙ!?" තා ටිකකින් මගෙ අර මොකද් ද රතු ද කොළ ද කට්ට පයිනව.

"මඟුලක්!? ඕ.... ඒ වගෙත් තමා........ ඒහෙනං මං කැපුණා!" මං බෙල්ලෙන් ම අල්ලගන්න යද්දි පැන්නෙ නැද් ද..

"ඔප්පා.. ඔන්න මං නං ඔන්නිට එකෙන් ම කැමතියි හොඳේ.. අපෙන් නං බාධක නැතෝ.." දුවන ගමන් ඒකි එහෙම කියං ගියා.

අලිච්චි!

මේ වගේ වෙලාවට තමා හිතෙම්නෙ එදා මේකි ව හම්බු නොවී ම තිබ්බනං හොඳයි කියල. මලවදේ!

මඟුලක් ගැන කියවනෝ මෙතන..! තිබ්බ කේන්තියට මං ඔය ළඟ පෝච්චියක් තියල තිබ්බ මේසෙ කකුලකට පයින් ගැහුව. මං ගොඩක් හයියෙන් නෙමේ ගහන්න අදහස් කළේ ඒත් කකුල වේගෙන් ගියා.

"ආආහ්හ්ව්ව්! ශිට්!" රිදුණනෙ! කරුමෙ මේමත් පටිසං දෙනෝ ද!? මං තනි කකුලෙන් හිටගෙන වැදිච්ච කකුලෙ ඇඟිලි ටික අතගාන්න ගත්ත.

ඒ අස්සෙ මේසෙ හෙලවිච්ච ගමන පෝච්චියත් පෙරළිල වැටෙන්න ගියා. කකුල අතෑරල ඒක යන්තන් අල්ල ගන ආයි මේසෙ උඩින් තියල මෙහාට උණා ම අර පාර වැදිච්ච කකුලෙ හොඳට ම තැලිච්ච ඇඟිල්ල වැඩිපුර බිමට තද උණා.

"අ-අ-ආආයිශ්! ආහ්!" ශිට්!

මේ මේසෙ මෙතනින් තිබ්බ එකාගෙ හල්මොනිට!~

ආ පොඩ්ඩක් හිටාම්.

..

මංමනෙ මේක මෙතනින් තියමු කිව්වෙ ලස්සනයි කියල. එතෝට මගෙ හල්මොනි ද මං මතක් කළේ..? එයා කොහොමත් ලෙඩ ඇඳේනෙ යකෝ!-

ඇයි බං මට ම මෙහෙම වෙම්නෙ..!?

මූසල ම දවසක් ඇත්තමයි අද නං..!



~සඳුදා හවස~


3rd Person's POV

Jiminල ලෑන්ඩ් කරද් දි Mi Jin කිව්වත් වගේ හවස් උණා. Jimin නං මුළු ගමන ම හොඳ නින්දක් දාපු නිසා එච්චර එයාට ඒක දැනුණ් නෑ. ඒත් Mi Jin නං හිටියෙ බාගෙට මැරිලා. ඇයි ඉටිම් පැය කීයක් ද..? එයාල ප්ලේන් එකේ හිටිය පැය 11යි ගාණට දෙපාරක් ම එයා වමනෙ දැම්ම. මුලින් ම ස්වීඩන්වලට ගිය පාරත් එහෙමයි.

එයාල හිටියෙ එයාලගෙ ගෙදරට යන ගමන් කාර් එකේ. එයාල රටට ආපු වෙලේ ඉඳන් එක දිගට ම චුරු චුරු වැස්ස. ඒ නිසා ම ට්‍රැෆික් එකකුත් හැදිල. සමහර අමාරු කාරයො එක දිගට හෝන් එකට තඩි බාන එක දරා ගන්න බැරුව Jimin headset එකත් ඔළුවෙ ගහගන පාඩුවෙ සින්දුවක් අහන් ඇස් දෙකත් පියන් උන්නා.

Mi Jin නං සතුටෙන් හිටියෙ ආපහු ආව එක ගැන. පාර දිහා බලාගන එද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා තියන හැටි එයා දැක්කා. එයාට පුදුම හිතුණ, කාලෙත් එක්ක දේවල් වෙනස් වෙන හැටි ගැන. ඒ දේවල් විතරක් නෙමේ කාලෙත් එක්ක එයාල පවා හිතන විදියෙ ඉඳන් වෙනස් වෙලා නේ ද කියල එයාට හිතුණ. ඒ වෙනස එයාට ගෙනාවෙ පුදුමයක්. 

කාර් එක හෙමින් හෙමින් ඉස්සරහට ඇදෙද්දි පාර දිහා ම බලන් උන්න Mi Jin එක පාරට ම මොනාදෝ දැකල කෑ ගහන්න ගත්තෙ නිකන් දෙකේ පන්තියෙ එකෙක් අයිස් ක්‍රීම් වෑන් එකක් දැක්ක වාගෙ.

"ඒහ්!? ඔන්නි!? යා ඔම්මා අන්න Seo Ha ඔන්නි යනවා. අර බලන්නකො අර..! අර යන්නෙ අර අතන ඇඳුං කඩේ ඉස්සරහ. ඒ ඉන්නෙ එයාගෙ කොල්ල ද මන්දා.. අම්මෝ ඔන්නිගෙ ලෙවල්ස් නං මං හිතුවටත් වඩා මාරයි ආ.. ඒ ඔප්පා මාර ගතිනෙ. නේ ද ඔප්පා.!?" වාහනේ හිටිය අනිත් දෙන්න දෙමහල්ලන්ටත් වඩා තමන්ගෙ ඔප්පට වැදියන් කියල හිතාගන ම යි Mi Jin එහෙම කිව්වෙ. ඇත්තට ම ඒ වෙලාවෙ එතන pavement එක දිගේ Seo Ha, Jin Young එක්ක යන ගමන් උන්නෙ. එයාලගෙ කාර් එක දිහාවට ඇවිදින හන්ද එන්න එන්න ළං වෙච්චි එකයි උණේ. වැස්ස නිසා එයාල උන්නෙ එක කුඩයක් යට. කෙල්ලෙක් වෙලත් Seo Haට තමා කුඩේ අමතක වෙලා තිබ්බේ. ඒත් Jin Young නං ඒ ගැන යටි හිතින් සතුටු වුණා.

Seo Haගෙ නම ඇහුණ ගමන් Jimin ඇහැරල ටිකක් වටපිට බැලුවත් දැක්කෙ නෑ කාවවත්. ඒක හිතුව නංගි එයාව ගොනාට අන්ඳල ආතල් එකක් ගන්නයි මේ යම්නෙ කියල. වෙන්න බැරි කමකුත් නෑනෙ ඉටිම්.. ඒ හිතල ආය ඇස් දෙක ලාවට වහගන එනකොටමයි Mi Jin කොල්ලෙක් ගැන කිව්වෙ. වහන්න ගිය ඇස් දෙක විදගෙන ඇරුණෙ. ඒ වෙද්දි Seo Haල ටිකක් එයාලගෙ වාහනේ පැත්තට ළං කරල නිසා කොල්ල හොඳට ම දැක්ක එයා ව.

එයා කොල්ලෙක් එක්ක යන එකනං මොකද්දෝ හේතුවකට Jiminට ඇල්ලුවෙ නෑලු. මූණට එකක් ඇනල එන්නමලු හිතුණෙ උගෙ.

එයා දිගට ම Seo Haගෙ මූණ දිහා ම බලන් උන්නා. එයාටත් කියන්න තේරෙන්නෑලු ඒත් එහෙම කරන්න හිතුණ ය කියම්නෙ.. අරූ දිහා බැලුව ම අමුතු කේන්තියක් එන නිසා වෙන්නැතිලු.

ඒ වෙලාවෙ ම Jin Young ඉස්සරහ බලාගන හිනාවෙන ගමන් Seo Haගෙ අතින් අල්ලගත්තා. කෙල්ල ටිකක් පුදුම වෙලා වගේ කොල්ල දිහා බැලුවෙ.

"යා!"

"ඇයි?"

"ඇයි.. අහන්නෙ!?"

"කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතින් අල්ලන් ගියා ම මොක ද? අනික අපි යාළුවො විතරක් නෙමේනෙ.. නේ? Jin Young අර හිනාවෙන් ම Seo Ha දිහා බැලුවා. Seo Ha කළේ යංතං කටත් උල් කරන් ලාවට ඔළුව වැනුව එක විතරයි. "ඇරත්..., දැන් වැස්සත් චුට්ටක් වැඩිකළා.." කොල්ල තව ටිකක් එයා කරපු දේ සාධාරණීකරණය කළෙත් තොල්වල හිනාවක් රඳවගෙනමයි..

(ඕටර් : ඊ හිනාව!🤧💘✨ හරි මං නවට්ටන්නං..🤧✨)

Jin Youngට දැනුණෙ ලොකු සතුටක්. හිතට දැනුණෙ ලස්සන බලාපොරොත්තුවක උණුහුමක්. දිගට ම ඒ අත අල්ලගන ඉන්න එයාට ඕනි වුණා. කොච්චර අමාරුවෙන් ද ඒක අල්ලගත්තෙ. ඉස්සර එයාට ලං වෙන්න හදන හදන සැරේට එයා ලිස්සල ගිය හැටි ගැන හිත හිත එයා තනිය ම හිනා වුණා.

ඒත් Seo Haට නං දැනුණෙ හරි ම වරදකාරී හැඟීමක්. එදා ඔන්නිත් එක්ක ගිය කතාවට පස්සෙ එයා ඒ දෙන්නට ම ලොකු අසාධාරණයක් කරනවදෝ කියන හැඟීම එයාට දිගට ම හිතට වද දුන්නා. එයා මේ වෙලාවෙ Jin Youngට එයාගෙ අත අල්ලගන්න ඉඩ ඇරලත් කරගත්තෙ වැරැද්දක් ද කියල එයාට හිතුණා. මේක එයා තවත් සංකීර්ණ කරගත්ත ද?එහෙම වුණත් එයාට Jin Youngගෙ හිත රිද්දන්න ඕනි වුණෙත් නෑ. එයා හොඳ කොල්ලෙක්. හැමතිස්සෙ ම එපා කියද්දි ත් තමන්ට වදයක් නොවෙන හැටියට එයා Seo Ha ගැන හොයල බැලුව. කිසිම වෙලාවක ඇඟේ එල්ලෙන්න ගිහින් වාතයක් උණේවත්, ගණන් නොගෙන අණ කරගන හිටියෙවත් නෑ. ගාණකට උන්නා. එයා Seo Haට ලං වෙන්න හදද්දිත් මෙයා ලිස්සල ගියයි කියල කවදාවක්වත් බලහත්කාරකමක්වත්, බැනීමක්වත් කරල තිබ්බෙ නෑ. සීමාවෙ හිටියා; හිනාවෙලා හිත හදාගත්තා. 

එහෙව් කොල්ලෙක්ගෙ හිත රිද්දන්න තරං Seo Haට නපුරු වෙන්න බැරි වුණා. ඔන්නි කිව්වත් වගේ තමන් ඔක්කොම අනාගෙන ද කියල හිතෙද්දි Seo Haට තමන්ව ම එපා වෙලා ගියා. හැමදා ම අනුන්ගෙ කතාවල අනු චරිතයක් වෙලා හිටිය Seo Haට එයාට ම කියල කතාවක් හදන්න ලං වුණ කෙනාව ම එයාට තමන්ගෙ කතාවෙ ම අනු චරිතයක් කරන්න වෙලා ද? Seo Ha තමන්ට ම සාප කරගත්තා.

ඒත් මේක දැක්ක Jiminට නං ඔය ඔක්කොට ම වඩා හාත්පසින් ම වෙනස් හැඟීමක් දැනුණෙ. එයාට දැනුණෙ නිකං තමන් ව ගිනි ගන්නව වගේ හැඟීමක්. ඒ ඉරිසියාව ද මොකද් ද කියල ඒ වෙලාවෙ එයාට තේරුණේ නෑ. ඒත් එයාට ඕනි උණා ඒ වෙලාවෙ ම එතන්ට ගිහින් ඒ අත් දෙක ලෙහල දාන්න.

එයාට තමන් Seo Haගෙන් සමාව ඉල්ලුවෙ නෑ නේ ද කියල මතක් උණේ ස්වීඩන් ගිහිල්ලත් සති කීපෙකට පස්සෙ Mi Jin Seo Haට කෝල් කරනව ඇහිච්ච වෙලාවක. ඊට කලිනුත් මොකද්දෝ අඩුවක් එයාට නොදැනුණාමත් නෙමේ. ඒත් ඒක තේරුණේ මේ වෙලාවෙ. නංගිගෙන් නම්බර් එක ඉල්ලන් කෝල් කරන්න හිතුණත් ෆෝන් එහෙකින් එහෙම දෙයක් කියන්න එයාට හිත් දුන්නෑ. එයාට ඕක අවුරුදු හයක් තිස්සෙ ම හිතට වද දුන්නා. සමහර වෙලාවට බොහොම පුංචි දේවල් පවා හිත පාර පාර තමන්ට වද දෙනව නේ ද කියල Jiminට තේරුණේ එතකොට.

ඒ හිත පෑරිච්ච කරදරේ Seo Ha ගැන වෙන වෙන හැඟීම් ඇති කරයි කියල Jimin ඒ කාලෙ හිතුවෙ නැතුව ඇති..

"අම්මෝ මාර රොමාන්තිකයි නේ.." Jiminගෙ ඇඟටත් ඉස්සරහින් මූණ ශටර් එකට ඔබන් Mi Jin එහෙම කිව්වෙ ඔප්පගෙන් හරියකට කිසිම ප්‍රතිචාරයක් නැති තැන.

"එහෙම තමයි ඉතින් දරුවො ඔය වයසට ඕවා.. ඔච්චර කියවන්න දෙයක් යැයි..? මොකෝ ඉතිං ඔය පොඩි එවුන් කියල ද..? අපෙ ලොකු ළමයගෙ වයසනෙ.." දෙන්නගෙ ඔම්මා කිව්වෙ ඇහැ කොනින් ළමයින්ගෙ අප්පා දිහා බලන ගමන්. එයාට යමක් මතක් වෙන්නැති.

"හරි හරි ඔම්මා ඔම්මල ඉතිම් අද්දැකීම් ඇතුව වෙන්නැතිනෙ කියන්නෙ නේ මං පිළිගන්නන්.." Mi Jin කිව්වෙ කින්ඩියට හිනාවෙවී.

"කටවහගන්නව. පණ්ඩිතකම් කියවන්නෙ." ඔම්ම කිව්වෙ මවාගත්ත කේන්තියකින්.

"ආ හරී.. පණ්ඩිත ළමයා කටවහගත්තා.." Mi Jin කට වහගත්තට අර නෝන්ඩි හිනාවනං ගියෙ නෑ ලේසියකට.

තමන්ට ආපු ආවේගෙ පිට කරගන්න බැරිකමට Jimin කාර් එකේ ශීට් එක මිරිකන්න ගත්තා. තත්පර කීපෙකින් එක පාට්ට ම දෙයක් මතක් වෙච්ච විදියට එයා අප්පයි ඔම්මයි දිහා බැලුව.

"අප්පා, මාව මෙතනින් බස්සල යනව ද මට දෙයක් තියනව අරගන්න.. ඔයාල යන්න මං කැබ් එකක් අරන් එන්නං." ඒ වෙලාවෙ වැස්ස ටිකක් අඩු කරල ට්‍රැෆික් ගතියත් ටිකක් අඩු වුණ නිසා වාහනවල වේගෙත් වැඩි උණා. Seo Haල ව පාස් කරන් කාර් එක ඉස්සරහට ගියා. Mi Jinට කට කොනට හිනාවක් ගියා.

"මොකද් ද දරුවො ඔච්චර හදිස්සිය? ගෙදර ගිහින් අද ටිකක් ඉඳල හෙට ම ඔය ගන්න දෙයක් ගන්නකො. මොකෝ ඉතිම් හෙට ඉඳන් ම වැඩට යනව කියලැයි..?" ඔම්මා ඇහුවා.

"ඔන්නොහේ යන්න දෙන්න Baek Heeයා. පොඩි එකෙක් යැයි දැන් හෙන ඉලන්දාරියනෙ. මොනාහරි උවමනාවක් ඇති." අප්පා එහෙම කියල වාහනේ හෙමීට අයිනට කරල නැවැත්තුව.

"අනේ මන්ද ඔයානං.." මොනා කළත් ඔම්මට හිතුණ් නෑ කොල්ල ව යවන්න.

"කුමාඔ අප්පා. ඔයාල යන්න මං එන්නං.." Jimin බහින ගමන් කිව්ව.

"පුතා, සල්ලි එහ්ම ළඟ තියේනෙ.." අප්පා ඇහුවෙ ශටර් එක ඇරල එළිය බලන්. 

"ඕ අප්පා මං ගාව තියේ." Jimin සාක්කුවෙ තිබ්බ වොලට් එක පෙන්නල කිව්ව.

"ආ, මේ, කුඩේ අරන් යන්න.. වහින්නත් වගේ ආය.. අමුතු වැස්සක් තියෙන්නෙ, මේ එනව මේ යනව." අප්පා ශීට් එක ළඟ තිබ්බ පොඩි කුඩයක් Jiminට දික් කරන ගමන් කිව්ව.

"අයිගෝ.. ඕන්නෑ අප්පා.." කොල්ලට ඔක්කොට ම වඩා යන්න හදිස්සිය තිබ්බෙ.

"අනේ මේ විකාර නැතුව ගන්නව." අප්පා ඒක Jiminගෙ ඇඟේ ගැහුව. එයාටත් ඒක ගන්නව ඇරෙන්න වෙන විකල්පයක් තිබ්බෙ නෑ.

"ගොඩක් රෑ වෙන්න කලින් ගෙදර එන්න හරි ද..? පාර මතකයි නේ තාම..?" ඔම්ම අප්පට මෙහායින් ඔළුව දාල ඇහුව..

"අනේ ඔව් අයියො මතකයී.." කොල්ලට දැන් නං තද වෙලා තිබ්බෙ. මේ සීන් එක හොරාට විඩියෝ කරන ගමන් Mi Jin ගත්තෙ වෙනම ම ආතල්ලෙකක්. එයාගෙ ඔළුවෙ මේ වෙලාවෙ තමන්ගෙ ඔප්ප ව ජීවිත කාලෙට ම චාටර් කරන්න කුරිරු ලෙස සැලසුම් මැවීගන මැවීගන ගියා.

"අනේ මේ විකාර නැතුව කොල්ලට යන්න දෙන්න. පොඩි එකෙක් යැයි දැන් 24ක්! අනික මේ කොල්ලෙක්. කෙල්ලෙක් යැයි..!?" ඔම්මට එහෙම කියල අප්පා Jimin දිහාට හැරුණා. හරි පුතා එහෙනං අපි යනව හොඳේ."

"හරි හරි අප්පා පරිස්ස්මෙන්.. මං ඉක්කන්ට එන්නං.." Jiminට ලොකු සැහැල්ලුවක් දැනුණෙ. Mi Jin එයා විඩියෝ කරපු ටික එඩිට් කරන්න ගත්තා. දාහකින් හොයාගන්න බැරි නංගිලා..

සාමාන්‍යයෙන් පවුල්වල ගැහැනු දරුවො තමාගෙ අප්ප එක්කත්, පිරිමි දරුවො ඔම්ම එක්කත් නෙ වඩා ලැදි. බොහෝ වෙලාවට එක පැත්ත ගන්නෙ ඒ විදිහට. ඒත් මේ පවුලෙ වුණේ ඒකෙ අනික් පැත්ත. සමහර විට එයාල කාලයක් වෙන් වෙලා හිටිය හින්ද වෙන්නැති.

Jiminට ඒ වෙද්දිත් Seo Haල ව පෙවුණෙ නිකං කූඹි වාගෙ. ඇයි ඉතිම් කාර් එකෙන් එළියට ආවත් බැහැපු ගමන් එන්න බැරි උණානෙ.

එයා මිනිස්සුත් බලද්දි තමන්ට හැකි වේගෙන් අරයල ළඟට දුවගෙන ගියා.

ගිහින් එක පාට්ට ම Seo Ha අත Jin Youngගෙන් ගලවල ඇදල අරගත්තෙ ඒ දෙන්න ම ගැස්සිල පිටිපස්ස හැරෙද්දි. දෙන්න ම උන්නෙ හොඳට ම පුදුම වෙලා Jimin දිහා බලාගන.



***




මතු සම්බන්ධයි...


A/N

මං තා ටිකක් මේකට ලියම්න උන්නෙ.

ඒත් මෙහෙම මෙතනින් නවත්තල මං ගන්න ආතල් එක ඔහෙලට තේරුම් ගම්න බෑ..😌🔥


Writing again on 17/06/2021

Reads 600යි අයියො.. තැම්කිවු හො⁣ඳේ..❣️

😭💜️

Bạn đang đọc truyện trên: Truyen2U.Pro