.නවය:- Life Goes On...

Màu nền
Font chữ
Font size
Chiều cao dòng

(මේ සිංදුව අද පරිච්ඡේදට හොඳට ගැළපෙනව.. සංගීතය වගේ ම තේරුමත්..😊💜)



~වසර 6කට පසු~


Seo Ha's POV

"ජගියා!" (Honey! / පැටියෝ!)





ආයිශ්! කී වතාවක් නං කියල තියේ ද කොලේජ් එක මැද්දෙ ඔහොම කියල කෑ ගහන්න එපා කියල. ඒත් ඒකමයි කරන්නෙ. වටේ උන් හිනා වෙවී බලන නිසා දුවන්නත් ලැජ්ජාවට වේගෙන් වේගෙන් අඩි තියල එයා ගාවට ගියපු ගමන් ම මං කළේ එයාට බැනගෙන බැනගෙන යන එක. එයත් දන්නව ඉතිම් මං ඒක තමා මුලින් ම කරන්නෙ කියල. ඕක ඉතිම් අද ඊයෙ විතරක් වෙච්ච දෙයක් යැයි..

"යා! කොච්චර කිව්වත් ගණන් ගන්නෑනෙ.. කොලේජ් එක මැද්-" මට ඉවර කරන්නවත් දුන්නෑ.

" 'කොලේජ් එක මැද්දෙ 'ජගියා' කිය කිය කෑ ගහන්න එපා' " කියල හිනා වුණා. කට පාඩම් වෙන්න තරමට ඒක කියල තිබ්බ ද කනකට ගන්නෑ.

"මොක ද හිනාවෙන්නෙ?"

"මට ඔය වාක්‍ය කට පාඩං" ආයෙත් හිනාවෙනව.

"ට්ච්! කට පාඩං උණාට වැඩක් තියේ යැයි එපා කියන එකමනෙ කරන්නෙ." මං මූණත් ඇද කරං කිව්වෙ. ඒකටත් හිනාවෙනව. ඔච්චර හිනායන්න තරං දෙයක් ද ඕක. මල විකාර.

"එපා කියන එක කරා ම තමා ආතල් එකක් තියෙන්නෙ." ඇහ්!?

"යා..! මාව ආතල් එකට ද තියන් ඉන්නෙ එතෝට..? ආ?" මං තරහකින් අහක බලාගන ඉස්සර වෙලා අඩිය ඉක්මන් කළා. ඒත් ඉතිම් ඒ දිගංචි කකුල් එක්ක මං කොහොම දිනන්න ද?.. ;|

"යා යා.. එහ්ම නෙමේ අයියො කිව්වෙ.. විහිළුවක්වත් තේරෙන්නෑනෙ! හරි හරි ආය එහෙම කියන්නෑ.. ම්ම්.." අනේ මේ..

"කී පාරක් නං කියල තියේ ද ඉතිම් ඕක..?"

"හරි දැං ඔයාට මා ව විශ්වාස වෙන්න නං මං මොකද් ද කරන්නෝනි?" එයා එකපාට්ට මගෙ මූණට එබිල ඇහුව. මගෙ ඇස් දෙකත් ටිකක් ලොකු වුණා. කවු ද හිතුවෙ එහෙම එකපාට්ට මූණට එබෙයි කියල..

"මො..කද් ද කරන්නෙ?" මං කිව්වෙ අහක බල බල..

"ම්ම්ම්.. ඔයාට මොනාහරි කන්න අරං දෙන්න ද? ම්ම්..?" කන්න..? එහෙනං හා ඉතිම්. නිකම් ලැබෙන නිධානවලට පයින් ගහන්න තරම් මම් මෝඩ නෑ මිත්‍රවරුනි..

මං ලාා..වට හිනාවුණා. එයා අල්ලගත්ත හින්ට්ටෙක. ;) එයාට ආයෙත් හිනාගියා. ඔව් ඉතිම් කෑම තරං මොනා ද වටින්නෙ.?

( ඕටර් : අවංකව ම මටනං ඇත්තට ම වැඩිපුර ම ඕනි කෑමයි සල්ලියි ටමා. කවු ද කියම්නෙ සතුට සල්ලිවලට ගන්න බෑ කියල ආ.. සල්ලි තිබ්බ නං මං අද සො වූ ජු මස්ටර් එක [BTS 8TH ANNIVERSARY SO WOO ZOO MUSTER] බලම්නෙ කොරියාවට ම ගිහිම්. කොහෙ ද ඉටිම් සල්ලි නෑනෙ. හොර ලින්ක් එක්ක ඔට්ටු අල්ලනව මිසක්ක..🤧💔🔥 #බ්‍රෝකන්ආමීස්පොරෙවර් )  

"ම්ම්. යංහ්!"

...

අපි දෙන්න ඩේට් කරන්න අරං දැනට අවුරුදු 2ක් වෙනව. තරහ වෙච්ච දවසක් නං මතකවත් නෑ ඔහොම් ඔය පුංචි පුංචි රණ්ඩු ඇරෙන්න. තරහ වෙන්න හේතුවක් තිබුණෙ නෑ ඇත්තට ම..


මේ අවුරුදු 6 ඇතුළෙ අපි, මේ හැමදේ ම කොච්චර වෙනස් උණා ද කියල ආපස්සට හැරිල බලද් දි හරි අමුත්තක් වගේ ම පුදුමයක් දැනෙන්නෙ.

ම්ම්ම්.. අපෙ කස්ටිය ගැන කිව්වොත් එහෙම,..

අපෙ ඔන්නිට ගිය මාස 7කට විතර උඩ දි ඔන්න ඇති යංතං promotion එකක් හම්බුණා KBS ප්‍රධාන ප්‍රවaත්ති මැදිරියට. දක්ෂයිනෙ ඉටිම්. එයාවත් දැන් සතියට දවස දෙක දකිත හැකි ටීවී එකේ. අපිට පීසා පාටියකුත් දුන්න promotion එක ක්ලික් වෙච්චි දවසේ.

ආ එයා ගැන කියන්න තියේ තව වැදගත් ම දෙයක්. දීර්ඝ කාලීන ව අපෙ ඔන්නිගෙ පස්සෙන් යෑම නිමිති කොටගෙන දැන් Jin සහ A Yeon දෙපළ සාර්ථක යුග දිවියක් ගත කරනෝ. වෙඩිම තිව්ණෙත් මාස 5කට උඩ දි. දැන් මේ අවුරුද්දෙ අග බාගෙනෙ. ලබන අවුරුද්දෙ විතර වෙද්දි මට හා පුරා කියල ජග්න්ඉමෝ (පුංචි අම්මා|නැන්දා [jageunimo])  කෙනෙක් වෙතෑකි. දැනටත් බන්ඩිය ටිකක් ඇවිත් තියෙන්නෙ. ඒත් මට සිතාගත නොහැකි කරුණ නම් අර ජිනයියා ඒ ගැහැනු මනුස්සයා හා එක වහලක් යට කෙසේ මෙසේ දිවි ගෙවනවා ද යන්නයි. ඔහුගෙ දෙකන් ළඟදී ම බිහිරි වුවත් මම නම් පුදුම නොවෙමි.

එතකොට Ji Ah! ඒ ගෑනිව නං එල්ලල මරන්න වටින්නෙ. අර කොලේජ් එකට ඕන පොතක් ගන්න ටවුන් එකට ගිය වෙලේ පොත අරන් කෝපියක් ගහන්න ගියා ම අහම්බෙන් කොෆි ෂොප් එක අස්සෙ අත් පටලං ඉන්නව අතට ම අහුවුණ් නැහ්නං මේකි මට නිකමටවත් කියල තිබ්බෙ නෑ Taehyung එක්ක පටලැවිල්ලක් තිව්ණයි කියල. මං චාටර් කරයි කියල කිව්වෙ නැහ්ලු.........................

.

.

.


ඔව් ඉතිම් මෙහෙමයි චාටර් නොකර ම ඉන්නව නෙමේ මම.. ඒත් යකෝ තමාගෙ එක ම පස්ට බොක්ක වෙච්චි මට කියන්න බැරි ද ඕක ඔච්චර..?

මේ අවුරුද්දෙ කොලේජ් එකෙත් අන්තිම අවුරුද්දනෙ. ඒ ඉවර වුණා ම අර ඉස්සර හිතන් හිටියත් වගේ tvN එකට application දාන්න තමා Ji Ah ඉම්නෙ.

ඇත්තට ම බන්ග්ටන්ලගෙ අනිත් උදවිය ගැන නං මං වැඩි විස්තරයක් දන්නෑ. Ji Ah කියන හැටියට එයාල හොඳින් ඉන්නව. එයාට ඉතිම් Taehyungගෙන් නිව්ස් එනව ඇතිනේ. මට උනන්දුවක් තිබ්බෙ නෑ හොයන්නත්. ඔන්නි කියලත් ඔහොම කියවන් නෑනෙ.

කියන්න සතුටුයි මං ඒ කාලෙ හිතුවත් වාගෙ Ga Eun, Su Heeත් එක්ක එක්කහු වෙලා සතියෙන් සතියට පුවත් මවන සයිස් එකේ ලොකු කාන්තා පදනමක් කරන් යනවා. කොලේජ් යනවත් එක්ක තාම. කොහොම බැලන්ස් කරගන්නව ද මන්ද. කෝමත් ඒ කාලෙ ඉඳම් මීටරේනෙ ඉටිම්.



මම?

හුම්ම්ම්... මම නේ ද?

මේ අවුරුද්දෙන් මගෙ ඩිග්‍රි එක අරන් කොලේජ් නවතිනවා. Chemistry major එකෙන් උපාධිය ගන්නෙ මම. Perfumist කෙනෙක්ට apply කරනව THE FACE SHOP එකට. ඕකට පැනගත්තොත් ගොඩ ඉතිම්.. Chemistry ම තෝරගත්තෙ විෂයට තිබ්බ ආසාව නිසා. වැඩි දුර ඉගෙන ගනිද්දි තමා මේ ජොබ් එකට ආසාවක් ආවෙ.

හැමදේම ඔහේ ගලාගන යනව දැන්. ජීවිතෙත් ඔහේ ගෙවිල යයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ කියපු company එක ඇත්තට ම කොරියාවෙ තියන perfumes, cosmetics වගේ දේවල් නිෂ්පාදනය කරන company එකක්.

 ●  THE FACE SHOP

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බඩ පිරෙන්න ම හොඳට රම්‍යොන් පිඟන් දෙක තුනක් ගිලල එහෙම්ම ම ගෙදෙට්ට එන්න ආවෙ.

"මේ.. මං අද ඔයාගෙ ගෙදර එන්න ද?" එයා මගෙන් ඇහුවෙ එක පාට්ට ම.

"ඇඃ!? මොකක්!? ඇයි!? මොකට ද!?" කොම්පියුස් වෙච්ච පාර රැප් කරනව වගේ කියවුණේ මට.

"නෑ ඉතිං දැන් ම කතා බහ කරගන ඉන්න එක ඉස්සරහට හොඳයිනෙ.." මොනව කතා කරන්න ද..? මොන ඉස්සරහක් ගැන ද කියම්නෙ? මං ගෙදෙට්ට කියලවත් නෑ. මොන සන්නියක් වෙයි ද මෙයා ව එක්කම් ගිහිම්.?

"අහාහ්! මේකයි මේ අ...ද ඔන්නිල අපේ දිහා එනව කිව්ව.. ඒ නිස මේ-"

"එහෙනං තව හොඳයිනෙ. හැමෝම ඉන්න එක හොඳයි.." මොංගල් ද ඩාලිම්..?

"අහ හහ හා.. එහ්හෙ.. මේ.. මේකයි මේ.."

"ඇයි මාව නවත්තන්න හදන්නෙ සිරාවට..? මං එනවට කැමති නැද් ද?" එහෙම මූණට ම අහන්න එපා ඉටිම් අෂරණ වෙනෝනේ.

"ආ...නේ නෑ.. එහෙම දෙයක් නෑ.."

"ඔයා ගෙදරට කියලනෙ තියෙන්නෙ අපි ගැන..?"

"අහ්!? ඔ-ඔහෝ.. ඕ~~.." ඇයි මං ඔව් ගෑවෙ. මං කියල නෑනෙ.

"එහෙනං ඉතිම් යමු.."

"අ~ මේ!" අතින් ඇදන් ගියෙ නැද් ද මා ව..

දෙවියනි.. ගෙදර දි වෙන දේවල් ඔබට ම බාරයි!..

...


~ගෙදර දී~

ගෙදර ගේට්ටුව ළඟට ආවමත් මං පුල් ට්‍රයි එකක් දැම්ම ඇතුළට යන එක නවත්තන්න..

"මෙහ්, මෙහෙම යන්න ම ඕනිම ද... ඇත්තට ම..?" මං ගොං ටයිප් හිනාවක් දාල ඇහුව.

"හ්ම්ම්.." ගියානෙ මාවත් දාල.

කවද් ද ඉතිම් ඇත්තට ම මං කියන දෙයක් ඇහුවෙ.

දොර ඇරල තිබ්බෙ අපි යද්දිත්. මිදුලෙ තිබ්බ කාර් එකෙන් තේරුණා ඔන්නිල ඇවිත්. ගේ ඇතුළෙන් කතා බහත් ඇහෙනව.

මෙයා දොර ඇරල තිබ්බ නිසා ඇතුළට යන්න කලින් ඒකට තට්ටු කළා. බෙල් එකක් ගහන්න ඕනි නෑනෙ.

මං මුලින් ඇතුළට ගියා පැන්න ගමන. එයා මුලින් ම ගියොත් අවුල් යයි කියල මෙව්ව එකක් ආපු හින්ද එයා යන්නත් කලින් මුලින් ම ඉස්සරහට පැන්නෙ.

"ඔ~.. Seo Ha.. ලෙක්චර්ස් තිබ්බ ද?" ඔන්නි තමා එහෙම කියාගන මුලින් ම ආවෙ. දැන් ඉතිම් එක ගෙදර නෙමේනෙ ඉන්නෙත් දැනගන්න. හිනාවීගන ආවට අරය ව දැක්ක ම ටිකක් පුදුම වුණා කියල තේරුණා මට. පුදුම වෙන්නැතෑ ඉටිම්. ඉඳල ඉඳල කාලෙකින් දැක්ක විතරයි ඉලන්දාරියෙක් එක්ක දොර ඉස්සරහ ඉද් දි. එයා දිහා ටික වෙලාවක් බුකෝගන බලන් ඉඳල කෙළින් ම මගෙ දිහා බැලුව.

"මොකෝ ළමයිනෙ ඔය දොර ගාව හිටන් ඉන්නෙ..?" අපි ගෙට එන්නැතුව හිටං ඉන්නකොට ඔම්ම ඇතුළෙ ඉඳන් අහනව ඇහුණා. සාලෙට දොර ළඟ පේන්නෑ. ඔන්නි කුස්සියෙ පැත්තෙ ඉඳන් ආපු නිසා තමා අපිව දැක්කෙ.

"නෑ ඔම්මා මේ.." ඔන්නි ඔම්ම දිහා බලල ආයි අපි දිහා බැලුව. මං හිටියෙ මෙලෝ හැඟීමක් නැතුව ඇත්තට ම. මොකද් ද කරන්නෙ කියල මගෙ ගොං මොළේට මුකුත් පහළ උන්නෑ.

"ඇයි..? මොක ද?" ඔම්ම ලාවට රහසින් වාගෙ කියාගන දොර ළඟට ඇවිත් අපි දිහාට හැරුණ. එයත් පුදුම වුණා. සාධාරණයි ටමයි ඒත් ඔයාලට මොහොතකට ඔය පුදුම වෙන එක නවත්තන්න බැයි ද..? මං මේ හරි ම අපහසුතාවෙකට පත් වෙලා ඉම්නෙ. අරය නං ඔම්මටයි ඔන්නිටයි දෙන්නට ම ටිකිරි සිනාවක් පාගෙන ඉන්නව. මට සිනාවක්වත් පාගන්න බැරි තත්ත්වයක් තියෙම්නෙ.

"මේ ළමයා...?" ඔම්මා සාමාන්‍ය වෙන්න අසාර්ථක උත්සාහයක් ගන්න ගමන් කිව්වෙ. මං හිත හිත උන්නෙ වෙන එකක්.

අනේ ඔම්මට කියන්න එපා!

අනේ කියන්න නං එපා!

මෙතන දි කියන්න එපා!

මුකුත් කියන්න එපා!

කටවහම් ඉම්-

"ඔ~! අන්න්‍යොන්ග්හසෙයෝ අහ්ජුම්මා! මං Park Jin Young. Seo Haගෙ නම්ජාචින්ගු. (Boyfriend)

(යාස් යාස් අර Got7 එකේ කොලු පැම්චා ටමා..😌✨)

කිව්ව.

කිව්වා.

කිව්වාාාාාා!!!!

.

.

මට කෙල ගුලියක් ගිලුණ. ලොකු එකක්. මං ඊළඟට බලන් හිටියෙ ඔම්ම හරි ඔන්නි හරි මොකද් ද කියම්නෙ කියල. ඒත් ඒ දෙන්නත් මොහොතකට තූෂ්නිම්භූත වෙලා මං දිහා බලන් හිටිය.

ඔම්ම ඇසිපිය නොහෙළා බලම් ඉම්නව.

ඔන්නි එක දිගට ඇසි පිය ගහමින් බලම් ඉම්නව.

ඔම්ම එක දිගට ඇසි පිය ගහමින් බලම් ඉම්නව.

ඔන්නි ඇසිපිය නොහෙළා බලම් ඉම්නව.

අක්සි සාන්තිකරුමෙ ඉවර වෙච්ච තැන ඔම්ම යාන්තමට.. "ආ-ආහ්.. එහෙම ද..?" ගෑව.

"ඇයි.. Seo Ha කියල නැද් ද..? කිව්ව කිව්වනෙ..?" ඇයි සප්තලම් ඔම්මගෙ මූණට ම එහෙම ඇහුවෙ. මට ඔයාගෙ හල්මොනිගෙ රෙද්දත් මතක් උණා මේ දැන්..

"ඇහ්? අපෝ ඔවූ.. Seo Ha මට කියල තියෙන්නේ.. ඔයා ගැන තමා ගොඩක් වෙලාවට කතා කරන්නේ.." ඔම්මා.. ඔයාට පිස්සු ද? මං කොයි වෙලේ ද මෙයා ගැන කිව්වෙ..? අරයත් හිනා වුණා එහෙම කිව්ව ම.

"එන්න පුතා ඇතුළට.." මේ අපෙ ඔම්මට ලස්සන කොල්ලෙක් දැක්ක ම කන්න කතා කරන ලෙඩක් තියේ ද කොහෙ ද.. කලිනුත් මෙහෙම කරල තියේ. මගෙ හිත දුවගෙන ගියා එක මතකෙකට.

"ආහ්. හරි අහ්ජුම්මා.. කම්සාහම්නිදා.." මෙයත් ගියා පැනපු ගමන් ඔළුවත් නව නව.

"Seo Haයා.. පොඩ්ඩක් එන්නකො මෙහෙට.." ඔන්නි කතා කළා මට. Jin Youngත් බැලුව ඔන්නි දිහා. ඔන්නි එයාට හිනාවක් මැවුවා.

"ආහ්.. චූට්ටකට එක්කං යන්නං.."

"ඔ? ඔ~.." Jin Young ඔළුව නැමුවෙ හා කියන්න. පුදුමයි.

ඔන්නි මගෙ අතින් ඇදන් කාමරේකට ගිහින් දොර වහගත්ත.

"තවුසෙට පිස්සු ද..?" රහසින් වගේ අහන ගමං එයා මං දිහා බලන් හිටියෙ කේන්තියෙන් ද; දුකෙන් ද; කලකිරීමෙන් ද කියන්න මට හරියට ම තේරුණ් නෑ.

"මොකද් ද කියන්නෙ..?" මං කිව්වෙ මෙලෝ ම හැඟීමක් නැතුව. මේ කතාව යන දිහාව මම දන්නවා.

"මොකද් ද කියන්නෙ කියන්නෙ.. මොකද් ද මේ තවුසෙ කරන වැඩේ තේරුම?"

"ට්ච්.."

"දැන් කොච්චර කල් ද..?"

"අවුරුදු දෙකක් විතර.."

"මොකක්!?" එයාගෙ කටේ සද්දෙ වැඩි වුණේ එකපාට්ට ම.

"ඇයි?.."

"ඇයි කියල අහන්නෙ..? මොළේ හොඳ නැද් ද ඇත්තට ම..? මේක සෙල්ලමක් කියල ද හිතන්නෙ ආ?"

"කවු ද දැන් සෙල්ලමක් කළේ?"

"මං සෙල්ලම් කළේ මං.." මට කට කොනට හිනාවක් ගියා.

"මොක ද හිනාවෙන්නෙ?" 

"හිනා ගියා ඉතිං.." මං කිව්වෙ ටිකක් කේන්ති ගිහින්. මේ ගැන කතා කරන්න ඕනි නෑ.

"Seo Haයා.. මේ අහනව. ඒ කොල්ලත් කොල්ලෙක්. තමුං තමුන්ගෙ හිස්තැන් පුරෝගන්න මෙහෙම හිතුමතේට කට්ටිය පාවිච්චි කරා ම ඔක්කොම හරියයි කියල ද හිතං ඉන්නෙ..? ආ..?" ඔන්නි මාව උරිස්වලින් හොලවන ගමන් ඇහුවෙ. මං එයා දිහා බැලුව.

"මොන හිස්තැනක් ද..? ඒව ඒ කාලෙ ම වැහුණා. දැන් ඒව නෑ." ඒත් මං එහෙම කිව්වෙ අහක බලාන. මොකද් දෝ හේතුවකට මට ඒ ටික ඔන්නිගෙ මූණ දිහා කෙළින් බලාන කියන්න හයියක් තිබ්බෙ නෑ. 

සමහරවිට ඒ..,

මං වැරදි නිසා ද.?

.

.

නෑ නෑ. ඒක.. වෙන්න බෑ...





නේ ද?

"මට හංගන්න පුළුවන් කියල ද මහ ලොකුවට හිතන් ඉන්නෙ? මේක නවත්තන්න කෙල්ලේ. අන්තිමට ඔය දෙන්නට ම රිදිලයි නවතින්නෙ.. කියන එක අහන්න.."

"මොකද් ද කියන්නෙහේ..?" ඇයි මට කඳුළු උනන්නෙ..?

"මේක කියන්නකො.. දැන් ඔයාලගෙ සම්බන්ධෙට අවුරුදු දෙකක් වෙනවා. ඔයාල කවදහරි කිස් කරල තියනව ද?"

කිස්?

ඇත්තට ම..

කිස් කරන්න තියා බදාගෙන,... අඩුම හරියකට අත් අල්ලලවත් නැහැ අපි.

එයා ගොඩක් පාරක් උත්සාහ කළා මේ හැමදේකට ම.

ඒත් මං ලිස්සල ගියා.

ඒ ඇයි ඒ කියල ඒ වෙලාවල මං තදට හිතන්න ගියෙ නෑ. ඒත්,


මට එහෙම කරන්න හිත් දුන්නෙ ම නෑ.

මං හෙමීට ඔළුව දෙපැත්තට වැනුවෙ ඔන්නිට 'නෑ' කියල හඟවන්න.

එයා මාව ළඟ තිබ්බ ඇඳෙන් වාඩි කරවල එයත් ඉඳගත්ත.

"ඔයාට හිතෙන්නෙ ම නැද් ද ඒ ඇයි කියල?" එයා ඇහිබැමත් රැලි කරගෙන මගෙ මූණට එබුණා.

ඇයි මට කඳුළු එන්නෙ..?

මොනවත් කියන්න කට ඇරියත් මට වචන පිට වුණ් නෑ. පිට වෙන්න වචන ඔළුවට ආවෙ නෑ. හදවතේ තිබ්බ වචන ඔළුවට ගන්න මට ඕන වුණේ ම නෑ.

"ඇයි දරුවො මෙහෙම ඔක්කොම සංකීර්ණ කරගත්තෙ? දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න එපැයි.. දැන් මේ කොල්ල ඇත්තට ම කැමති ද ඔයාට?"

"එයා එහෙම කියනව.. මටත් හිතිල තියනව.." ඔන්නි ලොකු හුස්මක් පහළට දැම්ම.

"ඒක එහෙමයි කියමුකො.. ඔයා කැමති ද එයාට?" ඔන්නි කෙළින් ම බැලුවෙ මගෙ ඇස් දිහා. ඒත් මං බැලුවෙ නෑ ඒව දිහා..

"ඔව් මං හිතන්නෙ.."

"මොකක් කියන්නෙ? අවුරුදු දෙකක් තිස්සෙ තා ම ඒක හිතනව ද? හැමදා ම ඒක හිත හිත ඉන්න ද හදන්නෙ ආ? ඇයි කෙළින් ම කියන්නැත්තෙ එයාට ආදරෙයි කියල? කියනව මට..!" මට එකපාට්ට ඔන්නිගෙ මූණ බැලුණා.

ආදරෙයි.. කියන්න..?


මට කියාගන්න .. බෑ ඒක..



නෑ එහෙම වෙන්න ඕනි නෑ.. එහෙම වෙන්න බෑ!

"කියන්න බෑ නේ? ඇයි ඒ? උත්තර දෙන්න මට?" මගෙන් උත්තරයක් නැති තැන ඔන්නි ම කතා කළා.

"මං.. දන්නෑ! මං දන්නෑ....." ඇයි මං අඬන්නෙ..? මට පිස්සු හැදීගන එනව ද?

"මොක ද ඔයා දන්නැත්තෙ? ඔයා තමා හොඳට ම දන්නෙ!"

"මං දන්නෑහෑ... දන්නෑ...ඇඃ..නෑ.." මං මේකට අඬන්න ඕනි නෑ.. ඒත් එක දිගට කඳුළු එනවා.

"එහෙම ද? දන්නෑ නේ? ඉන්නකො මං අඳුන්නල දෙන්නං.." ඔන්නි එහ්ම කිව්වා ම මට එයාගෙ මූණ බැලුණෙ ඉබේටමයි. මොකද් ද කියන්නෙ..?

එයා කලින් හිටපු කාමරේට අපි ඇවිත් හිටියෙ. එයා එයාගෙ කබඩ් එක ළඟට ගිහින් ඒක ඇරල මොනාදෝ හොයන්න ගත්ත. මොකද් ද වෙන්නෙ..?

එයා එළියට ගත්තෙ පොඩි ටින් එකක්. කබඩ් එක වහල එයා ඒකත් අරං ඇවිත් ආයෙ ඇඳෙන් වාඩි වුණා. ඒකල්ල ඒ පෙට්ටිය මගෙ අතට දුන්න.

"අරින්න."

මං එයාගෙ මූණ දිහා බලල ආය ඒක අරගත්ත. ටින් එක ඇරියා ම ඒක ඇතුළෙ තිබ්බෙ නිකං සුනාමියට අහුවෙච්ච පත්තර කොළයක් වාගෙ පෙඟිල වේලිච්ච ගිෆ්ට් බොක්ස් එකක්. රැපින්ග් පේපර් එකේ පාටත් හොඳට ම හේදිල ගිහින්. පොඩි පුස් ගඳකුත් එනව. මං ආයෙත් පාරක් ඔන්නි දිහා බලල ඒකත් හිමීට ඇරිය. ඒක ඇතුළෙ තිබ්බෙ ලා නිල් පාට ස්කා(ර්)ෆ් එකකුයි, තුවාලවලට දාන පොඩි බෙහෙත් ක්‍රීම් එහෙකුයි. ඒ ක්‍ර්‍රීම් එක කල් ඉකුත් වෙලත් එක්ක. අවුරුදු 6, 7කට කලින් හදපු එකක්.

මං නළලත් රැලි කරන් ඔන්නි දිහා තවත් සැරයක් බැලුවෙ මොකද් ද මේ කියල තේරුන් ගන්න බැරි නිසා.

"ඕව දෙක එළියට ගන්න."

මං ක්‍රීම් එක පැත්තකින් තියල ස්කාෆ් එකත් එළියට ගත්තා.

බොක්ස් එක අඩියෙ තිබ්බෙ පෙඟිල වේලිලා පොඩි වෙච්චි කොළ කෑල්ලක්. ඒකෙ අලවල තිබ්බ ස්ටිකර් එහෙකින් පතුරු ගිහිල්ලා. අකුරු බොඳවෙලා තිබ්බට පෑන් ඉරි ටික ලාවට පේන නිසා කියවගන්න පුළුවන්.. 

(සමාවෙන්න! ~ජිමින් ^ᴗ^)

.

.

.

.

.

..

මං අඬන එක නවත්තගත්තා. ඒත් පිරිල තිබ්බ කඳුළු ගොඩක් බේරිල ගියා. මොක ද මේ..?

"මොකද් ද මේ?" මං ඇහුවෙ අඬන ගමන්මයි. ඔන්නි ලාවට හිනාවුණා.

"එදා එයා මෙහෙ ආවෙ මොකට කියල ද හිතන්නෙ?" එයා මට මොනාදෝ එදා කියන්න හැදුව. නමුත් කිව්වෙ නෑ.

මං ඒකට උත්තරයක් දෙනව වෙනුවට කළේ ආයෙ ඒ පොඩි වෙච්චි කොළේ දිහා බලපු එක.

"ඇයි ඔයා මට මේක දැන් දෙන්නෙ..?" මං ඇත්තටමයි ඇහුවෙ. ඇයි අවුරුදු 6ක් උන්නෙ මේක දෙන්න.

"යා.. ඒක ඒ කාලෙ ඔයාට දෙන්න ඕක මං ළඟවත් නෙවේ තිබ්බෙ."

"අහ්..!?"

"එයා රට ගියාටත් ගොඩ කාලෙකට පස්සෙ දවසක නිකමට ඔය පඳුරු ගොඩ අත ගගා ඉන්නැද්දි ඒක අස්සෙ මොකද් දෝ තියනව මං යන්තමට දැක්කෙ. අත දාල ඇදල ගත්ත ම තිබ්බෙ පෙඟිල ගිය මොකද් දෝ පෙට්ටියක්. එදා උදෙත් වැස්ස නිසා ඒක මං අතට ගනිද්දිත් වතුර බේරෙනව. මං ඔම්මගෙන් ගිහින් ඇහුව ම එයත් දන්නෑ කිව්ව. ඇතුළෙ මොන මොනාදෝ තියෙනව දැනිච්ච හංද ඔන්නොහේ කෝකටත් වේලෙන්න තිබ්බෙ." මං බලන් හිටියෙ ඔන්නිගෙ මූණ දිහා. එයා ඉන්නෙ තාමත් අර මුලින් තිබ්බ හැඟීමෙන්මයි. "වේලුණයින් පස්සෙ මං ඇරල බැලුවා ම දැක්කෙ ඕක. මං හිටියෙ ඔයාට දෙන්න. එදා Ji Ahත් ඇවිත් හිටිය. මං ඔයාට ඕක පෙන්නන්න යද්දි ඔයා හිටියෙ එයත් එක්ක කියව කියව.."


✧FLASHBACK✧

3rd Person's POV

"යා.. ඒ කියන්නෙ අච්චර ඔන්නි කියලත් ඌ රට ගියේ සමාවවත් ඉල්ලන් නැතුව ද?" Ji Ah ඇහුවෙ කේන්තියෙන්. Seo Ha කළේ අවඥාවට හිනාවෙච්ච එක.

"අපරාදෙ එදා ඔන්නිගෙ මහන්සිය.. මං සමාවක් බලාපොරොත්තු උණා නෙමේ. ඒත් එයාට ගාණක්වත් නෑනෙ. අඩු ම රට යන්න කලින් මෙහෙ ඇවිත් ගිය දවසෙවත් එයාගෙ වෙනසක් පෙවුණ් නෑ.."

"උන් කොච්චර කලත් එච්චරයි. මට නං හිතාගන්න බෑ Mi Jin වගේ කෙල්ලක් අරූගෙ නංගි වුණා කියල.." Seo Ha ආයෙත් හිනාවුණා.

"නංගි ගොඩක් වෙලාවට කෝල් කරනෝ.."

"ම්ම් එයා හොඳයි. ඒකනෙ මටත් තේරුන්ගන්න බැරි.."

"කොහොමත් මට ඕකගෙන් ආය සමාවක් ඕන්නෑ. එයාටත් වැඩක් නැහ්නං මට කොහොමත් වැඩක් නෑ. කවදහරි ඇවිත් සමාව ඉල්ලුවත් ඒක බාරගන්නෑ මං. මොකට ද? ඒ සිද්ධිය ම ඔළුවෙන් අයින් කරල ඉන්නව. කොහොමත් එහෙම මහ දෙයක් උණෙත් නෑනෙ." Seo Ha එහෙම කියල එහෙම්ම ඇඳේ දිගෑදුණ.

"මහ දෙයක් නොවෙන්නෙ කෝම ද? ඔයාගෙ තුවාලෙ පොඩියට පෙවුණට මාස පහක් තිස්සෙ තාම හොඳ වෙවී තියෙන්න තරන් ඒක ගැඹුරට කැපිලා. දෙපාරක් පැසෙව්වත් එක්ක. ඒක දැකල ඩොක්ටර්ත් කිව්වෙ පිටගැස්මට බෙහෙත් විදල තිබ්බ හන්ද ඔයින් ගියා කියල. දන්නව ද අපි ඒක ඇහුවා ම කොච්චර බය උණා ද කියල ආ..!? ඒ ලෙඩෙන් මැරිච්ච අයත් ඉන්නවලු!" Ji Ah ආයිත් තර්කයක් ගෙනාව. තුවාලෙ දෙවෙනි පාරට පැසෙව්ව වෙලාවෙ ටිකක් දරුණු වුණ නිසා බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් ගාවට යන්නත් සිද්ධ වුණා. Seo Haට සිද්ධ වුණා ඔම්මගෙන් බැනුණුත් අහන්න. ඇයි ඉතිම් එයා ඔම්මට කියල තිබ්බෙ නෑනෙ.

"දැන් ගොඩක් දුරට හොඳයිනෙ ඒත්. තව ටික කාලෙකින් හොඳ වෙලා ම යයි. එතකොට ඔක්කොම හරි.." Ji Ahටත් පිටුපාගෙන Seo Ha එහෙම කියල දැම්මෙ ඇස් දෙකත් පියන්. Ji Ahට තේරුණා තවත් ඕක මෙයාට මතක් කරන එකේ තේරුමක් නෑ කියල. එයා හුස්මක් පහළට දැම්ම.

"හ්හ්ම්ම්ම්හ්හ්හ්! ඔයාගෙ කැමැත්තක් කරන්නකො එහෙනං. හැබැයි දෙයක් කියන්නං.. ඔය වගේ තුවාලවල කැළැල හිටිනව. මං යනව මොනාහරි කන්න.." Seo Ha එකපාට්ට ම එයාගෙ යාළුව දිහා බලල හිනාවුණා. එයා ඒ කාලෙ එච්චර හිතුවෙ නෑ Ji Ah මොකද්දේ කිව්වෙ කියල. ඒ වගේ ම දැනගෙන හිටියෙත් නෑ ඒ කැළැල එයාගෙ ජීවිතේ විකාරයක් කරයි කියල. එයාගෙ ජීවිතේ කොහොමත් එයාට පෙනුණෙ විකාරයක් වගේ තමා. සමහරවිට ඒ නිසා වෙන්නැති.

Ji Ah කාම‍රෙන් එළියට එද්දි ම A Yeon ඔන්නි එයා ව තමන්ගෙ කාමරේට අරන් ගිහින් දොර වහගත්ත.

"මේක බලන්න." ඔන්නි Ji Ahට එයා මෙච්චර වෙලාවක් අතේ තියන් හිටිය පෙට්ටිය දුන්නා.

"මොකද් ද මේ?"

"බලනවකො.." එයා පෙට්ටිය ඇරල ඒකෙ තියන ඒව දිහායි ඔන්නි දිහායි බැමුත් රැලි කරන් බලන ගමන් ඒව එළියට ගත්ත. එතකොට අඩියෙ තිබ්බ කොළ කෑල්ල දැක්කා ම එයාගෙ ඇස් ලොකු වුණේ ඉබේටමයි.

"කොහෙන් ද?" එයා ඔන්නිගෙන් එහෙම ඇහුවෙත් ඒ පුදුමෙ එහෙම්ම ම ඇස්වල තියාගෙන.

"එදා මුලින් ම මෙහෙ ආපු දවසෙ එයාගෙ අතින් ඕක වැටිල තියනව. ඒ දවසෙ වෙච්චි ඒවත් එක්ක තමා එයාට ආයෙ ඒක අමතක වෙන්න ඇත්තෙ.." Ji Ah ඔන්නි දිහා බලන් හිටියෙ තවත් පුදුමෙන්.

"එතකොට..?"

"එතකොට කියන්නෙ දැන් මේක අරයට කියනව ද?" ඔන්නි එහෙම කියද් දි Ji Ah ආය ඒ තෑගි පෙට්ටිය දිහා බලල බරට හුස්මක් පහළට ඇරියා.

"ඔන්නි දන්නවනෙ මෙයා එයාට කැමැත්තෙන් හිටියෙ කියල. දැන් අමතක කරන්න හදන්නෙ ඔයත් දැක්කනෙ. ඒ නිසා..., එයාට මේක දැන් දීල වැඩක් නෑ. එයාට ම ඒක තේරෙනකං මං නං කියන්නෙ මේක එයාට පේන්න තියන්න එපා.." Ji Ah එහෙම කිව්ව ම ඔන්නිත් හෙමීට ඔළුව වැනුවා. Seo Ha දැනං නොහිටියට Ji Ah ඔන්නිට හැමදේ ම කියල තිව්ණෙ. ඇත්තට ම වුණ දේ කිව්වොත් ඔන්නි දක්ෂ වුණා Ji Ahගෙ කටින් තමන්ට ඕන දේ කොහොමහරි අරගන්න.

"මාත් හිතුවෙ ඕක ම තමා.." එයත් බරට හුස්මක් හෙළුව. කටින් නොකිව්වට, කරල නොපෙන්නුවට, එයා තමන්ගෙ නංගිට ගොඩක් ආදරේ කළා. නංගිට අසනීපයක් උණා ම; කරදරයක් උණා ම ගොඩක් කලබල උණා; දුක් වුණා. සතුටු හිතෙන දෙයක් උණා ම; ටික ටික නංගි ලොකු වෙනකොට එයා ගොඩක් සතුටු වුණා. නංගි ව මුලින් ම ගෙදරට අරන් එද්දි ඔම්මටයි අප්පටයිත් වඩා A Yeon තමා හයිප් වෙලා උන්නෙ. එතකොට එයාට අවුරුදු 4ක් විතර ඇති.

"හංගල තියාගන්න ඔන්නි.."

"ම්ම්.."

END OF FLASHBACK


Seo Ha's POV

මම ඔන්නි සේරම කියනකන් වචනයක්වත් නොකිය එයා දිහා බලාගන හිටිය. කොච්චර උත්සාහ කළත් කඳුළු එන එකේ පාලනයක් තිබ්බෙ නෑ. ඒවත් ඔහේ ගලාගන ගියා. මගේ ජීවිතෙත් ඔහේ ගෙවීගන ගියා වාගෙ.

එයාල මට ඒක ඒ දවස්වල ම නොදුන්න එක ගැන හිතේ තරහක් ඇති වුණා මට. ඒ ඇයි කියන එකට උත්තරේ හිත ඇතුළෙ තිබුණත් මට ඒක විශ්වාස කරන්න ඕනි වුණේ නෑ. ඒ නිසා ම වෙන්නැති මට ඕන නැති වුණත් මෙහෙම කඳුළු ගලන්නෙ. ඒත් එයාල කරපු දේ වැරදිමයි කියන්නත් බැහැ. ඇත්තට ම ඒ වෙලාවෙ මට මේක දුන්න නං මං ඒක ගණන්වත් නොගෙන පැත්තකට විසි කරන්න තිබ්බා. මොක ද මං ම පිළි නොගත්තත් ඒ වෙලාවෙ මගෙ හිත කැඩිල තිබුණේ.

මං කල්පනා ලෝකෙන් පියවි ලෝකෙට ආවෙ ඔන්නි ආයෙත් කතා කරන්න ගත්තා ම.

"ඒත් මං හිතුවෙ නෑ ඔයා මේක මෙච්චර අනාගනියි කියල...! කොහෙ ද ඉතිම් මං ඉන්නෙ නමට විතරනෙ මොනවත් කියනවවත් කියලැයි..!? දැන් මොකද් ද කරන්නෙ අප්පා.." එයා දණිස් උඩෙන් වැළමිට තියන් නැවිල අත් දෙකෙන් ම එයාගෙ කොණ්ඩෙ අදින්න ගත්තා. මං හින්ද අනික් අයට වදයක් වෙන්න මට ඕනි නෑ. ඒත් ඒක ම වෙනවනේ..

එයාල ස්වීඩන් ගියාට පස්සෙත් Mi Jin නං මට බොහෝ විට කෝල් කරල කතා කළා. අදටත් එහෙමයි. ඒත් දැන් ඉස්සරට වඩා අඩුයි එයත් එහෙ කොලේජ් යනවලුනේ.. එයාලත් එක්ක මට තිබ්බ එක ම සම්බන්ධෙ එච්චරයි එතනින් පස්සෙ.

කොලේජ් යන්න මට finalsවලින් හොඳ ‍results තිබ්බ. ඒත් Ji Ahට බැරිවුණා මං යන කොලේජ් එකට ම තේරෙන්න. එයාගෙ ප්‍රතිඵල ටිකක් මදි වුණ නිසා. ඒ නිසා මට කියල ඉතිම් මහ ලොකුවට යාළුවෙක් කියල උන්නෙ නෑ. හැමොත් එක්ක ම හොඳින් කතා බහ කරගෙන පැත්තකට වෙලා පාඩුවෙ හිටිය මිසක්.

කොලේජ් එකේ 2වෙනි අවුරුද්දෙ මැද හරියක වගේ තමා මට Jin Youngව නෝට් උණේ. ලෙක්චර් එහෙකින් පස්සෙ කැන්ටිමේ තනිය ම වාඩි වෙලා කන ගමන් ඔහේ හතර වටේ බල බල ඉන්දැද්දි තමා එයා මං දිහා බලාන ඉන්නව දැක්කෙ. මං එයා ගැන අහල විතරයි තිවුණෙ. එයා මගෙ major එකෙත් නෙමේනෙ. Architecture major එකේ බ්‍රයිට් පොරක් විදිහට විතරයි මං එයා ගැන අහල තිබ්බෙ. මොක ද අපේ උනුත් එයා ලස්සනයි ය කිය කිය කියවල තිබ්බ. එහෙව් එකෙක් පේන්න බෑනෙ ඉතිම්. මං හිතුවෙ ඉස්කෝලෙ විතරයි ඕව තියෙන්නෙ කියල. ඒත් නෑ කොහෙත් එකයි.

එයා මගෙ පස්සෙන් එන්න ගත්ත ම මට ම පුදුම හිතුණ. එහෙව් එකෙක් මොකට ද මගෙ පස්සෙන් එන්නෙ කියල. පස්සෙන් එනව කියල එයා මට කරදරයක් වෙන්න ගියෙ නෑ. ඒ නිසා මාත් ඔහේ මගේ පාඩුවෙ උන්න. මං කැන්ටිමට යන හැම වෙලේ ම වගේ එයත් ඉන්න ගත්ත. මං ළඟ නෙමේ, ඈතින්.

වෙලාවකට මාත් එයා දිහා බලාන උන්න. එයා ව දකිද් දි මට මං ඉස්සර හිටි හැටි මතක් උණා. මාත් ඉතිම් ඕකමනෙ කළේ. එයාට නොකිය එයාගෙ පස්සෙන් ගිය එක. එයා දිහා බලාගන මං කල්පනා කළා.

දවසක මං එයා දිහා බලාන ඉන්නව එයාට අහුවුණා. මං ටක්ගාල අහක බලාගත්ත. ඊට පස්සෙ දවසෙ ම ඇවිත් මට කැමති ය කිව්වනෙ. ඒක මං හීනියටවත් බලාපොරොත්තු උන්නෑ. මාත් ආ ආ මේ මේ ගාල එදා ලිස්සල ගියා. එයා මගෙන් වෙනස් උණේ එතනදි. එයා මට ඇවිත් කිව්වනෙ. ඒත් මං කවමදාවත් අරයට කිව්වෙ නෑ.......... එහෙම කළාටත් පස්සෙ දිගින් දිගට ම අහන්න ගත්ත. මට ඒ වෙද්දි වෙන කොල්ලෙක් හිටියෙත් නෑ, ඒත්,

ඒ කාලෙත් මට නොතේරුණ මොකද් දෝ හේතුවකට මට කැමැත්තක් දෙන්න හිතුන්නෑ. එයාගෙ එහෙම වරදක් නෑ. ඒත් මං එයා මෙච්චර උත්සාහ කරන නිසා ම ඔන්නොහේ මගෙ විකාර අදහස් අතෑරල දාල එයාට අවස්ථාවක් දෙනව ය කියල හිතන් හා කිව්වෙ මට අද මෙහෙම වෙයි කියල හිතන් නෙමේ. මං පොඩිකාලෙ ජීවිතේට තව කොල්ලො එපා ය කියල ස්ථිර කරගත්ත එක එහෙම්ම ම බිඳිල කුඩුවෙලා ගියා.

මං හා කිව්ව වෙලේ එයාගෙ ඇස් සතුටට දිලිසුණු හැටි මට තා ම මතකයි. මම කළේ වැරැද්දක් ද..?

කල්පනාව ඉවර උණ තැන මං කතා කළා.

"මොනා කරන්න ද..?" මං ටිකක් තරහෙන් වගේ එහෙම කියද් දි ඔන්නි මා දිහා බැලුව.

"ඇහ්!?"

"එයා එදායින් පස්සෙ අඩු ම මට කතා කළේවත් නෑනෙ.."

"ඉතින් ඔයා කතා කළා ද?"

"මං මොන එහෙකට ද කතා කරන්නෙ!?"

"ඒකත් මං ද කියන්න ඕනෙ දැන්!?" ඔන්නිටත් කේන්ති ගියා. මට කට උත්තර නැතුව ගියා මොහොතකට.

"එයා කොහොමත් ආයි එන්නෙත් නෑනෙ. ඉතිම් මොකෝ වෙන්නෙ? යන විදියට යන්න දෙන්න.."

"දැන් මේ යන විදිය ගැන සතුටුයි ද ඔයාට?" මට ඔන්නි දිහා බැලුණ. එහෙම සතුටක් නෑ. ඇයි? Jin Young මට කැමැතී ඇත්තට ම. 

"හරි දැන් කොලේජුත් ඉවරයිනෙ ළඟඳි ම. ඔය කොල්ල ව බඳිනව ද ඔයා?" ඔන්නි කොහොම ද එහෙම දෙයක් මෙච්චර නිවිහැනහිල්ලෙන් කිව්වෙ. මගෙ ටෝන් එක උච්ච වෙලා හිතන්න කලින් කට ඉස්සර උණා.

"ම්වෝ ඔන්නි, මිච්‍යොස්සො!?" (මොකක් අක්කෙ, පිස්සු ද!?) මට කෑගැහුණ. ඔන්නි කින්ඩියට හිනාවුණා.

"ඇයි මගෙන් පිස්සු ද අහන්නෙ? ඒ ඔයාගෙ කොල්ලනෙ.."

"මං--" මං අහක බලාගත්ත. ඔන්නි ආයෙත් හිනා වුණා.

"තවත් විකාර නොකර ටිකක් තමන් ම හිතනවා!" කියල ඔන්නි ගියා..

"ආආආආයිහ්ශ්! ආආඅර්හ්හ්!" මං එහෙම්ම ම එතන තිබ්බ ඇඳට වැටුණ.

මොන විකාර ද මේ වෙන්නේ!?

මට කෝල් එකක් ආව.

(♡MIJIN-AH♡)


A/N

ඉතිම් හායි මෙයාලා!🤓✨

ඕනෑ ම ආකාරයේ තර්ජනයක් භාර ගනු ලැබේ.😌🔥

තා ටිකකින් මස්ටර් ඩේ 2 එක (14/06/2021).. ඊයෙ එකෙනුත් පණ ගිහිම් ඉම්නෙ. අද මොනව‍යින් මොන විජ්ජුම්බරයක් වෙයි ද දම්නෑ. කොෆින් එකත් රෙඩි කොරම් ඉම්නෙ මම්🤧🔥

යකෝ ඊයෙ (13/06/2021) ඩෙච්විතා ප(ර්)ෆෝමන්ස් එක!!!😲😂🔥


එදින ම පෂුව ලියමි~~

  Reads 500ටයි votes 100ටයි ටැම්කිවු වේවා❣

 🤧💜


තවත් පසු ව ලියමි..

ඩේ 2 (14/06/2021) එකත් මගෙ දිවියත් සමඟ ම අහවර විය.🥵🥶🔥✨

දැන් මම් කුකුළු මස් නූඩ්ලස් සුප් එකකි..🤧🍜

Bạn đang đọc truyện trên: Truyen2U.Pro