.දොළහ:- ලොකේසන්.

Màu nền
Font chữ
Font size
Chiều cao dòng


...FLASHBACK CONTINUES..☆

3rd Person's POV

දෙන්න කොහොමින් කොහොම හරි වොශ්රූම් ළඟට යාගත්ත නං තමයි. ඒත් ladies' පැත්තට යන්න හදද්දි ම වාගෙ ඒකෙ ඇතුළෙන් කෙල්ලො රොත්තක් එළියට එනව දැක්ක ම කොල්ලගෙ ධෛර්යය හිඳෙන්න ගත්ත. ටිකක් ඇතුළට හොම්බ දැම්මා ම තමා දැක්කෙ උගෙ major එකේ තා කෙල්ලො රොත්තක් ම ඒක අස්සෙ තැග් ගැහි ගැහි ඉන්නො. එච්චර වෙලා ඉතුරු වෙච්චි පුම්චි ම දෛර්රිය පොඩ්ඩත් නැති ම නැති වෙලා හේදිලා ම ගියේ එතකොට. එයාලට භාර දෙන්න හරි තිබ්බ වෙන major එහෙක උන්වත් හිටියනං..

ඒ අවස්ථාවෙ Jin Young ලොකු හුස්මක් අරන් ලොකු තීරණේකට එළඹුණා. එයා Seo Haගෙ හූඩි එකේ කැප් එක තවත් ඉස්සරහට ඇදල එළියට වැටිල තිබ්බ කෙස් ගස් ටිකක් ඇතුළට දැම්ම.

"මොක ද කරල්ලෙ මට්ට ඉන්නහ් බ්*ඉක්*බෑ..." Seo Ha කටත් උල් කරන් තමාගෙ මූණ දිහා බලාගන කියන්න ගත්තා ම දැනටමත් වේගෙන් ගැහෙන Jin Youngගෙ හදවත තවත් වේගෙන් රොක් බෑන්ඩ් ගහන්න ගත්තා.

"හරි හරි මේ යනව.."

'මට සිරා සමාවෙන්න Seo Haයා. මට වෙන කොරන්න දෙයක් නෑ.' එහෙම හිතාගන එයා කෙල්ලවත් ඇදගන ගියා...,




mens' toiletවලට.


හොඳ වෙලාවට ඇතුළෙ උන්නෙ එක්කෙනයි. 


ඒත් ඌ උන්නෙ යුරිනල් එහෙක. කොල්ල ටක් ගාල කෙල්ල ව වෙන පැත්තකට හරවල කෙළින් ම හිස් කියුබිකල් එකක් ඇතුළට දාල වැහුව.

"ෆ්ෆූහ්හ්!" වෙච්ච දේට කොල්ලගෙ ඇසුත් ලොකු උණා.

"තුයිත්තියා... දොර අල්ලගන්න... ලොක් කරල්ල..බ්බයයි...." එකපාට්ට ම කෙල්ල කියුබිකල් එක අස්සෙ ඉඳන් කෙඳිරි ගාන්න ගත්තා ම කොල්ල උඩ ගියා. ඇසුත් ලොකු කොරන් එයා කෙළින් ම බැලුවෙ යුරිනල් එක ගාව හිටපු එකා ගැන. ඌ වැඩේ කරන ගමන් ම ඉස්සරහ බිත්තියට ඔළුවෙන් ගගහ උන්නෙ. පේන විදියට ඌත් නැතිවෙන්න ම ගහල ඇවිත් තියෙන්නෙ. හැරිලවත් බැලුවෙත් නෑ. Jin Young සැනසුම් සුසුමක් හෙළුවෙ ඒ වෙලාවෙ.

"හා... ද....?" කෙල්ල ආයිමත් කෙඳිරි ගෑවෙ මූ උත්තරයක් දුන්නැති නිසා. ඒකට ආයිමත් ගැස්සිලා ගිය කොල්ල ඉක්මනට දොරේ හැන්ඩ්ල් එකෙන් අල්ලගත්ත.

"හරී හරී අල්ලගත්තා.." එයා කෝකටත් කියල රහසින් ම කිව්ව.

"ක්කුමාාඕ..."

උට මේ අවස්ථාවෙ මේ ට්‍රෝමා එක දරාගම්න බැරුව අන්තාෂරණ වෙලා උන්නෙ. 'අනේ දෙයියනේ මෙවන් විපතක් නං වනේ වන හතුරෙකුටවත් නොවේවා!' යි හිත හිත කියුබිකල් දෙක වෙන් වෙන බිත්ති කෑල්ලට ඔළුවෙන් ගහන්න ගත්තා.

විනාඩි තුනක් ගියා. අර අනිත් එකා වැනි වැනි එළියට ගියා.

විනාඩි පහක් ගියා.

'නම්බර් ටූ වෙම්ටැ..' කොල්ල ඒම හිතුව.

පෑ කාලක් ගියා.

'වෙන මොකක්හරි ද වෙන්නැති..'

පෑ භාගයක් ගියා.

'මේකි මැරිල ද!?' නිකමට මොක ද වෙන්නෙ බලන්න ඇස් දෙකත් වහම් දොර අරින්න යනකොට ම දෙන්නෙක් ඇතුළට ආව.

"යා... මේ ජිනා නේ..? අර වෙලාවෙ ඉඳන් මෙච්චර වෙලා ටෝ... කර්ර්ත්තව්වෙ කොළා ද බම්.. ඒක මාර තව්වයක්නෙ ඕයි.., නැද් ද බම්..?" එකපාට්ට ම Jacksonගෙ කටහඬ ආව ම Jin Young ගැස්සිල බැලුව. ඒත් ඌත් බීල අවුට් ඔෆ් ද වර්ල්ඩ් වෙලා ඒ ගාණ්ට ම වාගෙ නැසිල උන්න Markගෙ කරට අත දාම් වාරු වෙලා කියවනව දැක්කා ම Jin Young තිස්තුන් කෝටියක් දේව ප්‍රජාව මතක් කරමින් උන්නාන්සේලට පිං දුන්නා. 

"එහෙහ්! ම්-ම්ම්හ්! මට ලූස් මෝසන් ගියානෙ.." ඒ වෙලාවෙ ඔළුවට ආපු එක කොල්ල කියල දැම්ම.

"ඔ~! අපි හිතුව මේ... අප්පිට නොකිය ටෝ හොරෙන් ලව් කොරන්න ගියාවත්*ඉක්* ද ක්කියල.." Mark එහෙම කියල හිනාවෙවී ම යුරිනල් එකක් ළඟට ගිහින් තමන්ගෙ වැඩේ කරන්න ගත්ත. එතෝට Jacksonත් ඒ හිනාවට එකතු වෙලා කියුබිකල් එහෙකට ගෑටුව.

"නම්බර්ර් ට්ටු!" තමන්ගෙ ඇඟිලි දෙකත් උරුක් කර්ල පෙන්න පෙන්න (✌🏻) ඌ කියුබිකල් එක අස්සට රිංඟුව. Mark විකාරෙන් වාගෙ ඔළුව වැනුවෙ Jacksonට 'හා' කියන්න වගේ. ඌ ඇතුළට ගියාට කියුබිකල් එකේ දොර වහගත්තෙ නෑ. ඒක දැක්ක ම වාවගන්න බැරිවෙච්චි Jin Young ගිහින් ඒ දොර වහල දැම්ම. 

"ආයිශ්! ඕක, වහගනිං මඟුල!"

"ම්ම්ම්ම්ම්ම්හ්හ්ම්ම්ම්---" එකපාට්ට ම කෙල්ල උන්න කියුබිකල් එකෙන් කෙඳිරියක් ආව ම Jin Young දවසෙ කීවෙනි පාරට ද මන්ද ආය ම දෙලෝ රත් උණා. එයාගෙ ඔළුව වයින් කර්ල වගේ කැරකුණේ Mark දිහාට. ඌ කලිසම ඇඳගන්න ගමන් විකාරෙන් වගේ කියවන්න ගත්ත.

"ම්මේහ්, උඹ ද බං ඒ ක්කෙඳිරි ගෑවෙ? කටාඬ වෙනස්සෙලානෙ බම්.." Jin Young මේ වාගෙ කතාවක් ඇහුවෙ දවසෙ දෙවෙනි වතාවට. 

"ම්ම්..මට ආයි යන්න ඕන වගේ.. බඩ කෑගැහුවෙ.." මේව බීපු එකෙක්ටවත් මූ කියන්න හීනෙකින්වත් හිතපුව නෙමේ. ඒත් කියන්න වෙන තරමට අද අසරණ වෙලා. මේ චීන්නු දෙන්න කොයි වෙලේ චුත වෙයි ද කියල හිත හිත ඉන්නැද්දි Jackson එළියට ආව. ඒ වෙද්දි Markත් එයාගෙ වැඩේ ඉවරයි.

"වරෙම් උඹත් යං අපිත්තෙක්ක.." Jackson Jin Youngගෙ උරිස්සෙන් අත තිබ්බ.

"ඔය අත හෝදගෙන ඉඳහන් යකෝ!" Jin Young කෑ ගැහුවෙ අරූ පිරිසුදු වෙන්න පාවිච්චි කරපු අත තමන්ගෙ උරිහිසෙන් තිව්ව හින්ද.

"ඕ...~ මියන්!" (Sorry!) Jackson හිනා වෙලා ගිහින් අත හෝදගත්ත. Markටත් අත හෝදන්න මතක් උණේ එවෙලෙ.

"උඹ ඒනං දාල වරෙම් ඈ...!" Mark කිව්වා.

"ම්ම්...*අයිශ්!..*" Jin Young කිව්වෙ නළලත් රැලි කරන්. දැන් එයාට මේව දරාගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙම්නෙ.

"ඒනං කොල්ලො අපි ගියා..!" Jackson Markගෙ කරට අතදාම් කියල යන්න හැරුණ. Markත් වෙරියෙන් ම Jin Youngට නේවි සැලියුට් එක දාල අරූගෙ කරේ එල්ලිලා වොශ්රූම්ස්වලින් එළියට ගියා.

"හම්මෙහ්හ්හ්...!~" Jin Young කියුබිකල් දෙකක් අතර බිත්තියට හේත්තු වෙලා සැනසුම් සුසුමත් බරට ම හෙළුව. ඊට පස්සෙ එකපාට්ට ම දෙයක් මතක් උණා වගේ අනික් පැත්ත හැරිල එයාගෙ දෑසත් එක අතකින් වහගන හෙමීට කෙල්ල උන්නු කියුබිකල් එකේ දොර ඇරියා. සම්පූර්ණෙන් නෙමේ; උට ඔළුව දාගන්න පුළුවන් තරමට. ඒකල්ල 'දර්සනපථය ක්ලියර් වේවා' යි දාස්වාරයක් එක දිගට පත පත දසමෙන් දසමෙ තමන්ගෙ ඇස්වලින් අත අයින් කරල හෙමීට ඇහැ ඇරල බැලුව.

.

.

.

.

.

.



කෙල්ල කොමඩ් එකේ පියන වහල ඒක උඩ හොඳට හරි බරි ගැහිල ඉඳගෙන කොමඩ් එකේ ටැංකිය උඩට ඔළුවත් වක්කරං කටත් ඇරගෙන නිදි. හොඳ වෙලාවට පිළිවෙළකට ඇඳගෙන උන්නෙ. 

කෙල්ල බලත හැකි අයුරින් උන්නට දෙයියන්ට පිං දුන්නත් දැම් කොල්ලට තව ප්‍රස්නයක් පැන නැගිල තිබුණෙ.

"දැන් මොකද් ද කරන්නෙ? ආයිශ්! නැගිට්ටවන්නවත් බලමු.." කොල්ල හෙමීට එයාගෙ දබරැඟිල්ලෙන් කෙල්ලගෙ උරහිසට දෙතුන් පාරක් ඇන්න. ඒත් සෙලවුණේ හොලවපු හරිය පමණි.

ටිකෙන් ටික අනින වේගෙ වැඩි කරල අන්තිමේ තනි අතින් කොත්තු කොටනව වගේ ඇන්නත් කෙල්ල නෙමේ ඇහැක් ඇරියෙ. ඒ නිසා Jin Young කෙල්ලගෙ අතින් ඇදල නැගිට්ටෙව්වෙ තමන්ගෙ පුල් ගට් එක දාල. ඒ ඇදපු වේගෙට නං කෙල්ල අහරියා. නමුත් වෙරිය නං හිඳිල තිව්ණෙ නෑ. බාගයක් ෆ්ලෂ් කළා ටමා ඒත් කොච්චරක් නං කියල ගැහුව කියල ද...

කෙල්ලගෙ ප්‍රස්න වැල ආය පටන් ගනී කියල හිතුණ නිසා කොල්ල එයාවත් ඇදන් පුළුවන් තරන් වේගෙන් එළියට ආව. මොක ද ඒකි අහන ලොවෙත් නැති පුරස්නවලට උත්තර බඳින්න තරං ආත්ම සත්තියක් උට තව ඉතුරු වෙලා තිව්ණෙ නෑ.

"අත්තෝදන්නෝනි..." කෙල්ල නිදි+මත් විකාරෙන් කෙඳිරි ගෑව ම ටමා කොල්ලටත් ඒක මතක් උණේ..

"ආයිශ්!" තා ටිකකින් කොල්ලගෙ දෑසින් කඳුලකුත් පයිනව. හිනා වෙලා නෙමේ මේක තවත් දරාගන්න බැරුව.

කෙල්ල අතට වතුර වක්කරගත්තට පස්සෙ කොල්ල තව මොහොතක්වත් පමා නොවී එළියට ආව. තව ටිකකින් පාටියත් ඉවර වෙන තත්ත්වයක් තිව්ණෙ. මොක ද මේ වෙද්දි බාගෙට බාගයක් උන් dosed off වෙලා හිටියෙ. ඒ නිසා කට්ටිය දකින්න කලින් කොල්ල Seo Ha ව හොටෙල් බිල්ඩින්ග් එකෙන් එළියට අරන් ඇවිත් පැත්තකට කරගත්ත.

"යා.. ඔයා ඔතන ම ඉන්න හරි ද.. මං ඔයාගෙ යාළුවෙක්වත් එක්කං එන්නං.." කොහොමහරි හිත හදන් Jin Young එහෙම කිව්වෙ තවත් දරාගත නොහැකි නිසා. දරාගන්න බැරි වෙන්න තිබ්බ එක ම හේතුව වෙච්ච ඒවයි ට්‍රෝමා එකයි විතරක් ම නෙමේ හැබැයි... කෙල්ල ව මෙහෙම දකිද් දි එයාගෙ ඔළුවට නොයෙකුත් ආකාරයේ විකාර පහළ වීමත් එයාට දරාගම්න බැරිවුණාලු.

ඒත් Jin Young එහෙම කිව්ව ම Seo Ha කළේ වෙරි විකාරෙන් ම නක්කලේට හිනා වෙන්න ගත්ත එක. යන්න හැරුණත් Jin Young හැරිල ආය ම නැවතුණේ ඒ නිසා.

"ඔවූ... ඔයියා යන්න.. කෝමත්ත් යන එකනෙ.. හැම්මදා ම කළේ ගිය එක්ක්*ඉක්*කනෙ.. ම්මං විතරයී.. අන්ත්තිමේ..හ්හ්... වෙන කවුරුත් නෑ..හෙහ්!" කෙල්ල ආයෙ පාච්චලේට හිනාවුණා.

Jin Youngට එකපාට්ට ම ඒ කිව්ව එක හරියට ම තේරුණ් නෑ. එයා මොහොතකට හිතුව ඒ කියන්නෙ තමන් ගැන ද කියල. ඒත් වෙන්න බෑනෙ. මොක ද ඒ වෙද්දි ඒ දෙන්න හරියකට කතාබහ කරල තිව්ණෙත් නෑ. එයාට ඕනි වුණා තව දැනගන්න.

"කවුරු ගැන ද.. කියන්නෙ?"

එහ්ම ඇහුවා ම කෙල්ල කෙළින් ම Jin Youngගෙ මූණ දිහා බැලුව. බලල එයාගෙ පපුවට ඇනගෙන ඇනගෙන යන්න ගත්ත.

"ඔයා.. ඔයා ඔයා ඔයා ඔයා.. උඹ!.. වෙන්න කෞ ද්දහ්හ්?" 

කොල්ලගෙ ඇස් දෙක ලොකු වුණේ ඉබේටමයි. එතකොට මෙයත් තමන් දිහා බලන් ඉඳල ඳ..? ලා හිනාවක් එයාගෙ තොල් අතර දඟ කරන්න ගත්ත.

"යන්න.. යන්න.. ආය එන්නෙපා.. මං බ්*ඉක්*බලං ඉන්නෑ.. චිප්! චිප්!" කෙල්ල අතත් ගස ගස කියෙව්ව විදියට Jin Youngගෙ පුංචි හිනාව වැඩි වෙලා එයාටත් 'හික්' ගෑවුණා.

"නෑ නෑ මං යන්නෑ. ඒ නිසා, ඔයා බලා ඉන්න ඕනෙත් නෑ.." Jin Young කෙල්ලගෙ උරිස් දෙකෙනුත් අල්ලල එහෙම කිව්වෙ ඇත්තටමයි.

කෙල්ල ඒ අත් දෙක ගසල දාන්න හැදුවෙ. ඒත් වෙරිය නිසා එච්චර හයියක් තිව්ණෙ නෑ.ඒ නිසා ද කොහෙ ද ආය කියවන්න ගත්ත.

"අන්නේ.., පලයං බං යන්න්නහ්..! අවුරුදු.. අයක්.., අව්වුර්රුදු හ්හ්හ්හයක්! පස්සෙන් උන්නහ්හ්, ඒත්!, තෞසෙ එක්ක පාරක්කත්...*ඉක්* නික්ක්ක්කමටාත් කතා කළේ නෑනෙ.." අත් දෙකේ ඇඟිලි 7ක් දික් කරගන එයා එහෙම කිව්ව ම කොල්ල ආය පුදුම වුණා.

"අවුරුදු.. හයක් කොහෙ ද..? තා ම හරියකට දැකලත් අවුරුද්දක්වත් නෑනෙ.." එයාට සැක හිතෙන්න ගත්ත නිසාමයි එහෙම ඇහුවෙ. කෙල්ල ආය කින්ඩියට හිනාවෙනව.

"හෙහ්හ්! ඔවූ.., ඔවාට්ට ත්තමා අම්තක.. පක් ජ්ජිමින්, නො පාබෝයා!" ('Park JJimin, you idiot!') කොල්ලගෙ ඇස් දෙක හොඳට ම ලොකු වුණා.

"ක්-කවුරු කියන්නෙ?" එයා නිකමටවත් බලාපොරොත්තු නූන නමක් ඒක. හිත කැඩිල යන්න හැදුවත්, 'එක නම තියන ඕන තරං අය ඉන්නවනෙ..' හිතල හිත යාංතං හදාගත්ත. ඒත් කෙල්ලගෙ හිතේ ඉඩක් නෑ කියන එක දැනෙන්න ගත්තහ ම හිත බිඳුණ් නෑම යි කිව්වොත් වැරදියි.

"යා.. අද ඇමෝට් ම තමන්ගෙ නං අම්තක වෙනෝ ද බම්.. හික්!" කෙල්ල හිනාවුණා. ඒකල්ල කෙළින් ම බෙල්ල උඩට කරල Jin Young දිහා බැලුව. අඩවන් වෙලා තිබ්බ ඇස් දෙක තත්පර ගාණකට ලොකු කරල ආය අඩවන් කරන් හිමීට මෙහෙම මිමිණුල හිනාවුණා. "උස්ස ගිහින්නෙ..හිකික්! කව්වද්ද මිච්චර උස ගියේ?"

Jin Youngට උත්තර දෙන්න වචන ආවෙ නෑ. හිතේ තියන සැකේ ටික ටික ඔප්පු වුණත් එයාට ඕන වුණ් නෑ හිතත් එක්ක එකඟ වෙන්න. ඒ නිසා එයා Seo Ha දිහා ම ඔහේ බලන් උන්නා. එතෝට ම Seo Ha අත් දෙකෙන් ම Jin Youngගෙ මූණ අල්ලගත්තෙ කොල්ලගෙ සර්වාංගෙ ම හීතල වෙලා යද්දි. එයාගෙ අත් ලෝකෙ සිනිඳු ම අත් දෙක නෙමේ; ටිකක් ගොරෝසුයි. ඒත් ඒ ගැටීමට කොල්ල ව වශී වෙලා ගියා. සීතල පරයගෙන මුළු ඇඟ ම අවන් එකකට දාල වගේ රත් වීගන එන්න ගත්ත. කෙල්ලගෙ අත්වලට යටවෙලා තිව්ණ එයාගෙ ගිනිගන්න කම්මුල්වලට ලේ පිරිල රතු වුණා. 

"ද්-දංග්ශිනුයි.. ඉරම්.. පක්- ජ්ජිමින්.. ඉම්නිදා.." ('ඔ-ඔබේ.. නම.. පක්- ජ්ජිමින්.. වේ..') Seo Ha ලිඛිත බසින් වදනින් වදන ගැටගැහුව.

(ඕටර් : ඇත්තට ම ඒකට ලිඛිත බස ම යි කියන්න බෑ. නමුත් කටවහරින් වෙනස් polite විදිහ තමා ඕක. නැහ්නං ඔය අදහස ම එන්න 'නෙ ඉරම් පක් ජිමින්'/'ne ireum Park Jimin' [ඔයාගෙ නම පක් ජිමින්] කියල කිව්ව ම ඇති. මේ ව දන්න අයත් ඇති, නමුත් නොදන්න අයට තමා මෙහෙම කොටල තිබ්බෙ.😁😇)

කොල්ලගෙ කට හෙළවුණා විතරයි. සද්දයක් පිටවුණ් නෑ. හිත බිඳිල ම යන්න ගියත් කෙල්ලගෙ අත් දෙක නිසා එයා ව තා ම ගිනිගන්නව.

කෙල්ලගෙ තොල් බීමෙනුයි නිදා ගැනිල්ලෙනුයි තවත් පිම්බිලා තිබ්බෙ. ඒ දිහා බලද්දි කොල්ලගෙ හිත පාලනය කරගන්න ම බැරිවුණා. පවක් පුරෝගන්න ව කියල දැනදැනත් එයා තමන්ගෙ බෙල්ල ඒ දිහාවට පාත් කරන්න ගත්තෙ ඒ නිසා. ඒ එයාලගෙ තොල් අතර පුංචි ම ඉඩක් තියෙද්දි කෙල්ලගෙන් ඉකියක් ඇහුණ ම කොල්ල ලැජ්ජාවටයි අවුලටයි එක්ක ටක්ගාල පස්සට උණා. එයා තමන්ට ම සාප කරගත්තෙ බීපු කෙල්ලෙක්ගෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න හැදුව වගේ මොහොතකට කලින් පිස්සෙක් වාගෙ වැඩකරපු නිසා. තව මොනවත් වෙන්න කලින් එයා කෙල්ලගෙ අත් දෙක එයාගෙ මූණෙන් අයින් කරල දැම්ම.

"හ්හ්! ඔවූ ඉටිම්.. මට්ට කෞ ද කැමති..? මං ඔය ඇමෝගෙ ම සයිඩ්ස් කැරැට්ටර්ර්නෙ..හ්හ්! අවුර්රුදු දෙකක්*ඉක්* පිස්ස්ෂෙක් වාගෙ පස්සෙන් ගියා... අන්ත්තිමේ...., මා ව හැම්ම පැත්තෙන් ම ත්තුවාල්*ඉක්* කර්ලා.. දාල ගියා.. ගියා.!." කෙල්ල ඔළුව වන වන කියවනව. ටැප් එක ඇරිය වගේ ඇස් දෙකෙන් කඳුළු එකදිගට ගලාගන යනව. "මේ බලන්න!" එයා එකපාට්ට ම එයාගෙ වැලමිට උස්සල එතන තිව්ණ ටිකක් ලොකු කැළැලක් පෙන්නුව. "මේක්ක මතක් ද..? ම්ම්? ද්දෙපාර්රක් පැස්සෙව්ව. දෙපාරක්. ඩොට්ට කිව්වා.. ඉන්ජෙස්සන් එක තිව්ණෙ නැහ්නං.. අර.. මොකද් ද.. ගැස්ස්ස්ස්මහ්~!.. අඃ! පිට්ටගැස්ම හැදෙනෝ කීල.."

"පිටගැස්ම?"

Jin Young එහෙම ඇහුවා ම Seo Ha කඳුළු අස්සෙන් හිනාවෙන්න ගත්ත.

"හ්හ්! ඔයා දන්නෑ.. තෞසේ.. ගියානෙ.., ඒරොප්පෙ..හ්හ්! මං.. මිජිනට්ට කිව්වෙත් නෑනෙ. ඉට්ටිං කොහෙ දැන ගන්නෙයි..?" ආය අඬනවා. 

Jin Youngගෙ සැකේ හරියට තහවුරු උණේ එවෙලෙ. එයාට කෙල්ලට මඟුලක් නටාගනිං කියල දමල ගහල යන්න තරං කලකිරීමක්; ආවේගයක් ආවෙ නැතුව ම නෙමේ. ඒත් එයා ව එතන තනියෙන් දාල එන්න හිත හදාගන්න කොල්ලට බැරි උණා.

"ආයිශ්!" එයාට රහසින් වාගෙ එහෙම කියවුණා. 

මේ වෙද්දි අඬපු නිසා Seo Haගෙ ඇස් ආයෙ බර වෙන්න අරන් තිව්ණෙ. එයා එහෙම්ම ම Jin Youngගෙ පපුවට වැටුණා. Jin Young ආය ම ගැස්සිල ගියා. 'ඇයී.. මට යන්න ම වත් දෙන් නැත්තෙ..?' ඒ හිතපු වාක්‍යය ඇතුළෙ කොච්චර නං තේරුම් තිබ්බ ද..? ඒක දැනන් උන්නෙ එයයි, උඩ ඉන්න කට්ටියයි විතරයි.

"යා.. ඔය බෙර ගාන එක නවත්තනවා.. මට්ට දොයි මතයි.." Seo Ha ටිකක් සැරෙන් වගේ කිව්වෙ එයාගෙ කම්මුලටයි කනටයි කොල්ලගෙ හාටුව ගැස්සෙන සද්දෙ ඇහිච්චි හින්දා. Jin Youngව පිපිරුවෙ නැති ටික විතරයි. 'ඔයා ම පටන් අරන් දැන් කියනව නවත්තන්නලු! හ්හ්!' මුකුත් නොකිය ම එයා තනිය ම හිතුව. බෙරේ නවත්තනව වෙනුවට උණේ තවත් වේගෙන් තඩි බාපු එක. කෙල්ල ඇඹරුණත් තද නිදිමත නිසා ම මුකුත් කියෙව්වෙ නෑ. ඇරත් වෙලාවත් රෑ 11ට කිට්ටුයි ඒ වෙද්දි.

ඒ අස්සෙ කෙල්ලගෙ පෝන් කට්ට කෑගහන්න ගත්ත. කෙල්ල කෙඳිරි ගගා ම ඇහැරියෙ එතකොට.

"ආයිශ්! ඉස්සරහින් මදිවට පස්සෙනුත් බෙර ගහනෝ.." ඇඳන් උන්න ඩෙනිමෙ පිටිපස්සෙ සාක්කුවෙ දාගෙන තිබ්බ පෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා තමා කෙල්ල ඒම කිව්වෙ.

"ක්කෝ..මේක..මොකද්දේ.." Seo Ha එයාගෙ කලිසම අතගාන්න ගත්තෙ වෙරියෙන් පෝන් එක තිබ්බ තැන හොයාගන්න බැරුව.

Jin Young ලොකු වෙහෙසකින් ඉස්සරහ බලාගන මෙහෙම කිව්ව. "පිටිපස්සෙ සාක්කුවෙ තියෙන්නෙ.."

"ඕ~!" කෙල්ල හිනාවෙලා සාක්කුවෙන් පෝන් එක අරගන්නකොට ම කෝල් එක කට් උණා.

"මග්ඟුලක් ද..?" කේන්තියෙන් එහෙම කියල ඒක ආය සාක්කුවට දාන්න යනකොට ම ආයිත් කෝල් එකක් ආව.

"ආශ්ශ්ශ්ශ්!!" කෙල්ල හයියෙන් බෙරිහන් දුන්නෙ කේන්තියට. හොඳ වෙලාවට කොල්ල හිතල ම සෙකියුරිටිල ළඟ නැති හරියකට එක්කන් ආවෙ.

කොල්ලත් හිමීට ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුව.

(සූකර අක්කා♥ / Dwaeji eonni♥)

ඒක දැක්ක ගමන Jin Youngට 'බකස්' ගාල හිනා ගියත් ඒකෙ caller ID එකේ තිබ්බ රූපෙ නං එයාට පොඩි දැකල හුරු ගතියක් තිව්ණ. එතෝටයි මීටර් උණේ ඉඳල හිටල KBS එකේ කාලගුණ වාර්තාව කියෝන ලස්සන නූනා නේ ද ඒ කියල.. එයාට මොකද් ද මෙයා එක්ක තියන සම්බන්ධෙ කියල හිතාගන්න බැරුව කොල්ල ටිකක් කොම්පියුස් උණා.

'නෑයෙක්වත් ද?'

ඒ අස්සෙ පෝන් ඉස්කිරිං එක දිහා නෙත දල්වා බලපු Seo Ha ආය කියවන්න ගත්ත. "යා..! මේ ඊරි මොක්ක ද දැං කත්තා කරන්න්නෙහ්හ්!? ආයිශ්!" 

එච්චර සස්සන නූනෙක්ට 'ඊරි' කියන්න තරම් තියන කිට්ටු සම්බන්ධෙ මොකද් ද කියල හිතා ම ගන්න බැරුන් කොල්ල තවත් කොම්පියුස් උණා. ඒ අතරෙ Seo Ha බැන බැන ම කෝල් එක ආන්සර් කළා.

'⚡----------------------⚡' පෝන් එක දෙදරනව වගේ සද්දයක් ඇහිච්ච නිසා කොල්ලට එහා පැත්තෙ කෙනා කෑගහනව කියලත් නොතේරුණා ම නෙමේ.

"යාාහ්හ්! ඔය්ය කෑ...ගැහිල්ල නවත්තගන්නව ඊරියේ!" Seo Haත් ඊට නොදෙවෙනි ව කෑ ගහනව. ඒ අස්සෙ අඩමානෙට පෝන් එක අල්ලං හිටපු කෙල්ලගෙ ඇඟිල්ලකට වැරදිලා speaker icon එක ටච් උණා. ඒ නිසා එහා පැත්තෙ ඒවත් ඩෝං ඩෝං ගාල මෙහා පැත්තට පිපිරෙන්න ගත්ත.

"ආයිශ්! මොකී ද වගේ බීගන මෙතන! තෞසෙට මතක නැද් ද ගෑනියෙ එදා ඉමෝලැයි (නැන්දලැයි[අම්මගෙ පැත්තෙන්]) දිහා දි වෙච්ච දේ ආය ඔහොම බීගත්තෙ!?" එහා පැත්තෙ කෙනා බෙරිහං දෙනව.

"අනෙ පලයං බං යන්න්න.... ඒ @%*ඉක්*$#^ක් කවු ද් ගණන් ගන්නෙ?" මෙවන් කෙල්ලකගෙ මුවින් එවන් වදනක් මෙවැනි වෙලාවකදිවත් පිටවෙයි කියා සිහිනෙකින්වත් නොසිතපු Jin Youngගේ දෑස් විසල් විය.

"අනේ දෙයියනේ දෙයියන්නෙ නාමෙට ඔය මූසල කට වහගනිං. මොනා ද ඔය විකාරෙන් කියවන්නෙ ආ!? දැං කොහෙ ද ඔය ඉන්නෙ? අම්මප ඔම්මත් මට ම කිව්වනෙ ටෝ ව අරං එන්න කියල..!"

"අනේ ටෞසෙ ටෞසෙගෙ ඇඩක් *ඉක්* බලාගනිං ඕයී. මට දොයි මත්තයි."

"පේනව මතේ බව! ඇයි මං ආසාවට ඔහෙව කුදලං යන්න එනෝ කියල ද හිතුවෙ.? රට පණුව!"

"පුස් ඊරි! මං තියනව!" Seo Ha බෙරිහං දීල පෝන් එක මූණ ඉස්සරහට ගත්ත. Speaker එක on වුණාට මොකෝ කනේ තියන් තමා කතා කළේ. සහෝදරියො කියල තේරුණත් මේ ජන්මාන්තර වෛරක්කාරයො ද කියල මේ වාචික වාදය සජීවී ව අසාගන හිටි Jin Youngට මොහොතකට නොසිතුණාමත් නොවේ.

"යා..යා.. ඔහෙ හිටු! ලොකේෂන් එකවත් එවපිය, තෞසෙ ව අරගන්න ඕනෙ ඕය්--" Seo Ha වෙරි මතේ හිටපු නිසා කෝල් එක end කරගන්න වෙලා ගියෙ නැහ්නං A Yeon ඔන්නිට ඒ ටිකවත් කියාගන්න හම්බෙන්නෑ.

"සෙද්ද--ලොකේසන්--!" එහෙම කියල ලොකේෂන් නොයව ම Seo Ha ෆෝන් එකත් සාක්කුවට දාම් ආය කොල්ලගෙ පපුවට වැටිල 'දොයියන්න' ගත්තෙ නින්ද කඩපු එකට අර 'සූකරී'ට හිතෙන් සාප කර කර.

ලොකේෂන් එවන්න ය කිව්ව එක Jin Youngටත් ඇහුණ. එයා අහක බලාගන කෙල්ලගෙ සාක්කුවට අත දාල ෆෝන් එක ඇදල ගත්තෙ 'වැරදි තැනක්නං අහුවෙන්නෙපා' කියල එක දිගට ප්‍රාර්ථනා කොර කොර. එහෙම දෙයක් උණේ නං නෑ, ඒත් අවාසනාවට ස්ක්‍රීන් එක off වෙලා තිව්ණෙ. කොල්ල ස්ක්‍රීන් එක on කළා ම ඒකෙන් ඉල්ලුවෙ නැතැයි fingerprint එකක්! 

කරන්න වෙන දෙයක් ඉතුරු වුණ් නෑ. Jin Young කෙල්ලගෙ අතක් හෙමීට අරන් ෆෝන් එක උඩින් තියාගත්ත කොහොමහරි.

"හ්හ්හ්හම්මෙහ්හ්!"

ඊට පස්සෙ messaging app එකට ගිය Jin Young අර කලින් නම contactsවලින් search කරල ඒ නම්බර් එකට එයාල උන්න ලොකේෂන් එක යැව්වා. ඒ නම searching bar එකේ type කරද්දිත් කොල්ලට හිනා. ඒත් උගෙ ම contact list එක මතක් වුණා ම 'මෙව්ව මොනා ද?' කියලත් නොහිතුණාමත් නෙමේ.. ආය ෆෝන් එක දාන එක නං එච්චර ප්‍රශ්නයක් උන්නෑ. මොක ද එයා ඒක තිව්ණ තැනට නෙමේ දැම්මෙ. හූඩි එකේ සාක්කුවක් අස්සට.

ඒ වෙද්දි එකා දෙන්න හොටෙල් එකෙන් එළියට එන්න ගත්ත. ඒ නිසා Jin Young කෙල්ල නිදිමතෙන් සාප කරද්දි ම හෝටල් භූමියෙන් එළියට අරගෙන ගියේ නිකමට හරි කවුරුත් දැක්කොත් කියල. ඒ එක්ක ගිහින් හෝටලේ තාප්පෙට හේත්තු කරල, කොල්ල ගිහිං ටිකක් පැත්තකට වෙලා බලාන උන්නෙ එයා ව ගන්න අර නූනා එනකන්.

ඒ තියල විනාඩි පහ යද්දි කෙල්ලගෙ ඔන්නි එතෙන්ට ආවෙ එයාගෙ කාර් එකෙන්. හොඳ වෙලාවට ඒ හොටෙල් එකට එයාගෙ office එක ඉඳන් විනාඩි 7, 8ක දුර. හොඳට ම රෑ වෙලා ට්‍රැෆික් පවා අඩු නිසා A Yeonගෙ ගමන තව ඉක්මන් උණා. තැන ළඟ එකක් වෙච්චි එක ගැන A Yeon හිටියෙ සතුටින්. නැත්තං මහ රෑ යන්න එපැයි තැන් හොයාගන..

ඒත් කාර් එකෙන් බැස්ස ගමන් තාප්පෙට හේත්තුව දාන් වෙරි මතේ නිදි කිරා වැටෙන තමන්ගෙ ආදරණීය සහෝදරී දැක්කා ම එයාගෙ සතුට හේදිලා වේළිලා ම ගියා.

"ආයිශ් ජින්ජ්ජාහ්! (අනේ ඇත්තට..!) බලනව ඉන්න හැටි නසරානිය වාගෙ! ශිට්!" නංගි එක්ක දරුණු ලෙස කේන්තියෙන් උන්න හින්ද A Yeonට Jin Youngව නෝට් වුණ් නෑ.

A Yeon Seo Haව පිටිපස්සෙ සීට් එකට පෙරළල ගිහින් ඉස්සරහින් නැගල කාර් එක ඩ්‍රයිව් කරන් ගියා ම තමා Jin Young දවසේ අවසාන සැනසුම් සුසුම හෙළුවෙ.

...

Jin Young එක්ක Seo Ha යාළු වුණාට පස්සෙ කාලෙ ඔය කතාව කිව්වා ම කෙල්ලගෙ මූණ කුණු වෙච්චි අඹ ලෙල්ලක් වෙච්චි හැටි නං බලන්න වටිනව. 

ඒත් Jin Young Seo Haට කිව්වෙ වෙච්ච සම්පූර්ණ ම කතාව නෙමේ. යම් කොටසක් එයා ගිලගත්තා.

END OF FLASHBACK


Jimin's POV

මට ඉරිසියාවක් නොදැනුණාමත් නෙමේ. ඒත් මං ඒක යටපත් කරගත්ත. එයාගෙ අර තුවාලෙ එච්චර දරුණු වෙයි කියල මං නිකමටවත් හිතුණ් නෑ. ඒකෙන් වුණේ මගෙ හිත තවත් පෑරුණ එක විතරයි. මේ හැම නෙගටිව් හැඟීමක් ම යටකරං මං අන්තිමට ඇහුවෙ කොහෙටවත් නැති අතුරු ප්‍රස්නයක්. මට ඉතිම් කොහොමත් එහෙම ප්‍රශ්න මතුවෙනවනෙ.

"එතෝට අර උඹ පොරෝපු හූඩි එක තා ම එයා ගාව?" මං එකපාට්ට ම අහපු දෙයින් ඌ පුදුමෙට හිනා වුණත් පස්සෙ හේතුව තේරුන් ගෙන ද කොහෙ ද වෙන මුකුත් නොකිය ඒ ප්‍රශ්නෙට ම උත්තරයක් දුන්න.

"හ්හ්! නැහැ නෑ එයා මට පස්සෙ ඒක දුන්නා..හ්හ්!"

"එහෙම ද?" මාත් හිනාවක් මවාගත්තා. වෙලාව බලද්දියි තේරුණේ ඒ කතාව කියන්න පෑ කාලක් විතර ගිහින් කියල. එහා පැත්තෙ පුටුවට මගෙ ඇහැ ගියේ ඉබේටමයි. මං බලනව දැකල Jin Youngත් මගෙ ඇහැ ගිය දිහා බැලුව.

Seo Ha තා ම නෑනෙ. මෙච්චර වෙලා...

මගෙයි උගෙයි ලොකු වෙච්චි ඇස් යමක් මතක් වෙලා වගේ හම්බ වුණේ එක ම වෙලාවට.

"නෑ.."

"වෙන්න බෑ.." අපි දෙන්නට එකට ම කියවුණා.

කෝකටත් කියල දෙන්නත් එක්ක නැගිටල ගියා වොශ්රූම්ස් දිහාවට..



***



මතු සම්බන්ධයි...


A/N

(29/06/2021) 1K reads දැකල 'සූස්' ගෑවුණා. කම්සහාම්නිදා වේවා මයෙ සූකර පැටව්නේ❣❣❣

🤧💜

මේ ඊක නෙමී.. අද චැපිය ෆට්ට ලෙස බෝරිම් නේ..? කොටාගන ආපු මටත් බෝරිම් එකේ අනිව බෝරිම් ඇති.. සිරා ඉස්පීක් කරල්ලකො..🙂

මෙහෙමයි මගෙ හාස්‍යෝත්පාදක හැකියාව ලිවීමේ හැකියාවටත් වඩා අතිසය ඍණ අගේක තියෙම්නෙ. කියවන අතරෙ නින්ද ගියානං සොරි වෙම්ටෝන.🙂💔✨

එහ්නං සූකරයිනි🐽, අන්න්‍යොන්ග් වේවා!🐽


Writing again on 30/06/2021

Votes 200යි! ටැන්කියු❣


Writing again on 02/07/2021

Reads එක දාස් එකසීයයි !!! අඩ්ඩේ... කම්සාහම්නිඩා !!!!

😭💜💜💜💜💜💜

Bạn đang đọc truyện trên: Truyen2U.Pro