Translation Games: Sinhalese / සිංහල

Màu nền
Font chữ
Font size
Chiều cao dòng

Big Bang by BrianMullin0 

Language: Sinhalese / සිංහල

Translated by: SuVida777


ගාර්ගුල් නමැති යොවුන් අභ්‍යවකාශ දෙවියන් තමා කළ ක්‍රියාව දෙස බලා තම​ ශුද්ධ පස්ස කැසුවේය​. ඈත කෙළවර ස්වල්ප වශයෙන් නොපැහැදිලි වූවත්, මෙය විස්මිතයි. ග්‍රහලෝක ට්‍රිලියන 6ක්, සියල්ල පරිභ්‍රමණය වෙනවා පිලුණු වගේ පෙනෙන​ යෝධ තාරකාවක් වටා. බිලියනයකට හෝ ඊට වැඩි සංඛ්‍යාවකට​ ඇත්ත වශයෙන්ම යම් ආකාරයක ජීවයක් තිබුණි. එම ජීවීන් පරිණාමය වෙයිද​ තියා ජීවත් වෙයිද කියල වත් ඔහු කළු කුහර බෙට්ටකටවත් ගන්න ගත්තේ නැත​.

ඇත්තම පවසනවානම්, ඔහු වෑයමක් කළේම​ නැත​. කිසිදු අදහසක් නැත, සැලසුමක් නැත. කොටින්ම කිවහොත්, ස්නූඩ් ඔහුගේ එක​ කිරීමට​ යුග ගණනාවක් ගත කර ඇති අතර, බ්ලාර්බරා ඇගේ වර්ණ පටිපාටි තීරණය කිරීමට පමණක් ඊටත් වඩා කලක් ගත කර ඇත​. ඔහුට නම් ඔහුගේ බඩ අවුල් වී එක පාරට වැඩේ වුනේය​.

මහා පිපිරුමක්.

සමහර නිර්මාණ සුවඳ මල් වගේ. ඒ වගේම සමහර විශ්වයන්නම් ගඳ ගහනවා.

Bạn đang đọc truyện trên: Truyen2U.Pro